IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මම තාම රඟපෑම ඉගෙන ගන්නවා

2016-05-06-ent-42

නව පරපුරේ සොඳුරු, රුවැත්තියක වන අංජලී ලියනගේ මෙතෙක් කළ පෙළහර පෑවේ පුංචි තිරයේ හා රිදී තිරයේය. එහෙත් පසුගියදා වේදිකාවටත් ඇය ගොඩ වැදුණහ. ඒ ගැන විස්තර දැන ගන්නට ඇය හමුවීමු.

 

2016-05-06-ent-41අංජලී "නෝනාවරු සමඟ මහත්වරු" එක්ක වේදිකාවට ගොඩ වැදුණාය කියලා ආරංචියි?

අනේ ඔව් මගේ කලා ජීවිතේ සිදුවණු වාසනාවන්තම දේ තමයි ඒක. අපේ රටේ ඉන්න සුපිරිතම නළු නිළියන් රුසක් පන්නරය ලබා තිබුණෙ වේදිකාවෙන්. විනය, ඉවසීම, කැපකිරීම වැනි ගුණාංග රුසක් වේදිකාව තුළින් උකහා ගන්න පුළුවන් වෙනවා.

 

ඔබට ඒ අවස්ථාව ලැබුණෙ කොහොමද?

මම කොහොමත් වේදිකාවට ආස බව හැමෝම දැනගෙන හිටියා. දවසක් ප්‍රියන්ත සමරකෝන් මහතා මාව හමුවෙලා ඇහුවා නාට්‍යයක පොඩි කොටසක් තියෙනවා, කරන්න කැමතිද කියලා. පොඩියි කියපු නිසාත්, වේදිකා රංගනයට දැඩි ආසාවක් තිබුණ නිසාත් මම කැමති වුණා.

 

පොඩි චරිතෙ හොඳට කළාද?

පොඩි? හොඳ පොඩි තමයි. ප්‍රධාන චරිතයට සමගාමීව යන චරිතයක් මට දීලා තිබුණෙ. මට පුහුණුවෙන්න තිබුණෙ එකම දවසයි. ඊට පස්සෙ ෂෝ එක වේදිකා ගත කළා. පුහුණු වීම් ගියාම මට උතුර දකුණ මාරු වුණා. මම ආපහු හැරිලා එන්න ආවා. ඒත් ඒ නාට්‍යයේ රංගනයෙන් දායක වුණු ප්‍රවීණයින් මාව ධෛර්යමත් කරලා මාව කොහොම හරි වැඩේ ගොඩදාන තැනට යොමු කළා.

 

කවුද ඒ ප්‍රවීණ ශිල්පීන්?

මම ඉතාම ගෞරවයෙන් මතක් කරන්න ඕනෙ ජනක කුඹුකගේ, මොරීන් චාරුනි සහ අවන්ති අපොන්දු කියන ප්‍රවීණ ශිල්පීන්. ඔවුන්ගේ අනුබලය හා උනන්දුව නොවන්නට මම තාම ඒ නාට්‍ය දාලා දුවනවා.

 

ඒ නාට්‍යය කී සැරයක් වේදිකා ගත කළාද?

"නෝනාවරු සමඟ මහත්වරු" දැනට 5 වරක් වේදිකාගත කරලා තියෙනවා. ඉදිරියේදී ඉල්ලීම් තියෙනවා. ඒ අත්දැකීම මට කෝටියක් වටිනවා.

 

"ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයෙන් පස්සෙ කළ රඟපෑම් මොනවාද?

ප්‍රියන්ත කොළඹගේ මහතාගේ "ආදරණීය කථාවක්" චිත්‍රපටයේ රඟපෑවා. ඒකත් ළඟදීම තිරගත වෙන්න නියමිතයි.

 

ටෙලි නාට්‍ය වැඩ කටයුතු කොහොමද?

මේ දිනවල මම රංගනයෙන් දායක වුණු "බව චක්‍ර" හා "කුරුලු පිහාටු" ටෙලි නිර්මාණ විකාශය වෙනවා. ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් හොඳයි. මේ දිනවල රූගත කෙරෙන ටෙලි නාට්‍ය දෙකක රංගනයෙන් දායක වෙනවා.

 

ඉදිරියේදී පිටපත් රචනය හෝ අධ්‍යක්‍ෂණය වගේ පැතිකඩ සඳහා යොමුවන්නට අදහසක් නැද්ද?

අනේ එහෙම කිසිම අදහසක් නැහැ. මම ඒ තැනට ඇවිත් නැහැ. මම තාම රඟපෑම ඉගෙන ගන්නවා. අපි මේ ක්‍ෂේත්‍රයේ හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා.

 

රමේෂ් උවයිස් 

 

DESHAYA



අදහස් (0)

මම තාම රඟපෑම ඉගෙන ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site