IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මම 'ආලියා' තරම් අහිංසක නැහැ

2016-03-31-ent-81
 

සුසිල නිෂ්පාදනයක් වූ "සල් සපු නා" ටෙලිනාට්‍යය හරහා රංගනයට පිවිසි ෂනාලි වීරසිංහ මේ දිනවල කාගේත් ආදරය දිනාගත් යොවුන් රංගන ශිල්පිනියකි. සතියේ දින පහ තුළම සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "සල් සපු නා" ටෙලිනාට්‍යයේ "ආලියා" ලෙස ඔබේ ආලින්දයට ගොඩවදින ඇය වසර කිහිපයක් තිස්සේ වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් ලෙසද කටයුතු කර ඇත. "ආලියා" ලෙස සිය පළමු ටෙලිනාට්‍යය රංගනයට පිවිස ඇති ෂනාලි බොහෝ වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා ප්‍රමාණයකටද මේ වනවිට දායකත්වය ලබාදී ඇත.

"සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "සල් සපු නා" ටෙලි නාට්‍යයේ මා නිරූපණය කරන "ආලියා" චරිතයට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. එය මගේ කුලුඳුල් ටෙලි නාට්‍යය රංගනයයි. ඉතින් මා බලාපොරොත්තු වුණාට වඩා හොඳ රසික ප්‍රතිචාර "ආලියා" චරිතයට ලැබෙනවා. ගොඩ දෙනෙකුට දැන් මගේ සැබෑ නම පවා අමතක වෙලා "ආලියා" කියලා කතා කරනවා. මේ ටෙලි නාට්‍යයේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා කියලා මාව දැනුම්වත් කළේ රොසෑන් ඩයස් මහත්මිය. ඊට පස්සෙ, මට "සල් සපු නා" ටෙලි නාට්‍යයේ තිර පිටපත ලියන තුෂාරි අබේසේකර අක්කාව මුණ ගැහෙනවා. ඒ හඳුනාගැනීම් මත තමයි මේ චරිතය මට ලැබෙන්නේ. "ආලියා" කියන්නෙ ඉන්දියාවේ ඉඳලා ලංකාවට එන තරුණියක්. කොටින්ම කියනවා නම් "ආලියා" කියන්නේ තැන්පත් චාම් ගතිපැවතුම් තියෙන අහිංසක තරුණියක්. නමුත්, මගේ සැබෑ ජීවිතේ නම් "ආලියා"ගේ ගතිගුණ මට එකක්වත් නැහැ. ඒ නිසා මේ චරිතයට පණ පොවන එක ටිකක් විතර අභියෝගයක් වුණා. නමුත්, "සල් සපු නා" කණ්ඩායම මට හොඳ සහයෝගයක් ලබාදුන්නා. මට ගොඩක් වෙලාවට රඟපාන්න ලැබුණේ දමිතා අබේරත්න, රෝහණ බැද්දගේ, ජනක කුඹුක්ගේ, රම්‍යා වනිගසේකර, ගයනි ගිසන්තිකා කියන ප්‍රවීණ රංගන ශිල්පින්. ඔවුන් සමග මගේ පළමු රඟපෑම සිදුකරන්න ලැබීම භාග්‍යයක්. ඔවුන් මට රංගනය කියන දේ පිළිබඳව ගොඩක් ගුරුහරුකම් ලබා දුන්නා. නවකයෙක් කියලා වෙනසක් ඇති කළේ නැහැ."

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

 

2016-03-31-ent-70
2016-03-31-ent-71
2016-03-31-ent-72
2016-03-31-ent-73
2016-03-31-ent-76
2016-03-31-ent-77
2016-03-31-ent-78
2016-03-31-ent-79
2016-03-31-ent-80

2016-03-31-ent-74
2016-03-31-ent-75



අදහස් (0)

මම 'ආලියා' තරම් අහිංසක නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site