IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මන්ත්‍රී අජිත් උපාය මාර්ග කමිටුවෙන් අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය  මාර්ගයික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක  සභාවේ සභාපති  ධූරයෙන්  ඉල්ලා අස්වී ඇත.

මේ අනුව සමගි ජන  බලවේගයේ  කොළඹ දිස්ත්‍රික්   පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා එම කමිටුවේ සභාපති ධුරයට  පත් කරනු ලැබීය.

මරික්කාර් මහතාගේ  නම  අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා විසින් යෝජනා කරන ලදුව  මන්ත්‍රී ජගත් විතාන මහතා    ස්ථිර  කළේය

නව සභාපතිවරයා කමිටුව හමුවේ අදහස් දක්වමින් පැවසුවේ  මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ විෂය පථයට අමාත්‍යාංශ තුනක් යටතේ  අැති ආයතන 50 ක්  පමණ ඇතුළත් වන බවයි.

කාරක සභාවේ කටයුතු සක්‍රීයව පවත්වාගෙන  යෑමට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ  සහාය බලාපෙරොත්තු වන බව කී සභාපතිවරයා  කමිටුවට  අවශ්‍ය ලෙස අනු කමිටු පත් කරමින්  ඉදිරි කටයුතු  කරන  බවද    සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන්  මන්ත්‍රී   අජිත් පී  පෙරේරා මහතාගෙන් කළ විමසුමකදී ඔහු කීවෙ  තමා එම තනතුරෙ දිගටම කටයුතු කිරීමට  බලාපෙරොත්තු නොවූ    බවයි    


 



අදහස් (1)

මන්ත්‍රී අජිත් උපාය මාර්ග කමිටුවෙන් අස්වෙයි

අරවින්ද මොණරවිල Monday, 14 July 2025 01:52 PM

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සමහරු දැන් සියල්ල අත හැරලා හිරේ ලගින්න සූදානම් වෙනවා වගෙයි පෙනෙන්නේ...?

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 115 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site