IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මනූෂ ‘පොතක් දෙන්න‘ හදයි

ගංවතුරින් හා නායයෑම් වලින් පාසල් පොත්පත් හා උපකරණ අහිමිවූ සිසු සිසුවියන්ට එම උපකරණ මහජනතාවගේ ආධාරයෙන් එක්රැස් කරදීමේ වැඩපිළිවෙළක් විදේශ රැකියා අමාත්‍යංශය ආරම්භ කර ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර අද (23) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

‘පොතක් දෙන්න‘ නමින් ආරම්භ කර ඇති එම වැඩසටහන සඳහා ආධාර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශිය කාර්යාලවලට ලබාදිය හැකි බවත් වැඩිදුර තොරතුරු 0716 159 659 අංකයෙන් ලබාගත හැකි බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

Manusha-_2016523web_note_2016523GLA_4296 web_note_2016523GLA_42962 web_note_2016523GLA_429623



අදහස් (0)

මනූෂ ‘පොතක් දෙන්න‘ හදයි

රෝහිණී Monday, 23 May 2016 04:12 PM

ඒ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය සත පහක් හොල්ලන්නේ නැහැ.මේක අසාධාරනයි.ඔබලාගේ මාසයක වැටුප දෙන්න ,ඔක්කොටම පොත් දෙන්න පුලුවන්. අපේ රටට ගිය කලක්. (බ)

:       0       0

නවරත්න Monday, 23 May 2016 04:42 PM

අපි අනිවාර්යයෙන්ම උදවු කරනවා (නි)

:       0       0

ජගත්‍ Monday, 23 May 2016 07:06 PM

කිසිදාක දේශපාලඥයින් එක්ක මෙවැනි විපත් වලදී කටයුතු කරන්න යන්න නරකයි. ඔවුන් හදන්නේ දේශපාලන ලකුණු දාගන්න (නි)

:       0       0

චාමික Monday, 23 May 2016 12:08 PM

කලින් මහ ජනතාව ඇතිවෙනකම් උදවු කරා. තවත් කරනවා ඉදිරියටත්. (ර)

:       0       0

සිරිල් Monday, 23 May 2016 12:23 PM

අපි යලි නැගිටිමු. හැමට අත්වැලක් වෙමු. (ර)

:       0       0

සිසිර Monday, 23 May 2016 12:27 PM

ඉගෙනගන්න දුවා දරුවන්ට පිහිට වෙමු කව්රුත්. (ර)

:       0       0

ශානක Monday, 23 May 2016 12:26 PM

මෙය ඉතා හොඳ වැඩපිළිවෙලක්. (ර)

:       0       0

සනත් Monday, 23 May 2016 12:35 PM

අපි උදව් කරන්නම්... (ර)

:       0       0

ටිකිරි Tuesday, 24 May 2016 02:55 AM

වැඩක් කරනවනම් සද්ද නොකර කරන්න (බ)

:       0       0

ඇසළ Monday, 23 May 2016 12:59 PM

මේවා රජයෙන් වහාම කල යුතු දේවල්. මහජනයා ගෙන් කන කෑම වෙළෙන් පවා බදු එකතු කරනවා මදිවට මන්ත්‍රී, අමතිලගේ පොටෝ ගහල බෙදන්න ආධාර දෙන්න අවශ්‍ය නැහැ. මහා ජනයා පුළුවන් විදියට පිහිටවෙයි අසරණයන්ට. (ර)

:       0       0

රජිත් මංජුල Monday, 23 May 2016 01:39 PM

උදව් කරන එක අපි කරන්නම් ඔයාල පාර්ලිමේන්තු ගිහින් ගුස්පී අල්ලලා ඇමති කම් අරන් ෆන් ගන්ඩකෝ (බ)

:       0       0

ශානිකා Monday, 23 May 2016 02:01 PM

ඇසලගේ කතාව හරියට හරි. මහජනතාවගෙන් එකතු කරලා එයාලා බෙදාවි හරියට එයාලගේ අතින් වියදම් කළා වගේ. (බ)

:       0       0

නුවන් Monday, 23 May 2016 02:06 PM

ගිය පාර දැත් ශක්තිමත් කරන්න මුදල් ලැබුනානේ ඒවා මේවට යොදවමු! (බ)

:       0       0

සමන් Monday, 23 May 2016 02:35 PM

මේවා මාධ්‍ය සංදර්ශන. අපි නොදන්න මනූෂ..... දෙනව නම් මෙයාගෙ සල්ලි වලින් දෙන්න බැරිද? මනුස්සකම දන්න මිනිස්සු විපත්තිය වෙච්ච වෙලාවෙ ඉඳලා උදව් කළා. ඉදිරියටත් කරාවි. මෙයාල වගේ අවස්ථාවාදී දේශපාලකයෝ නැතුවට. දැන් තමයි මෙයාට ඇහැරිලා තියෙන්නේ....නායයෑමට යටවෙන්න තිබුනේ මෙයාල වගේ අය. අර අහිංසක මිනිස්සු නෙවෙයි. (බ)

:       0       0

උපුල් වීරසිංහ Monday, 23 May 2016 04:04 PM

සමන් මේ පුග්ගලයාගේ දේශපාලන භාවිතාව වගේම අනිකුත් දේ ගැන මටත් විවේචන තියනවා. ඔයාගේ අදහස හරි වුනත් අවසාන වශයෙන් කියල තියන නායයෑමට යටවෙන්න තිබුනේ මෙයාල වගේ අය දෙය නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ.මිනිසුන්ගේ වැරදි තියෙන්න පුළුවන් එහෙම කියල මිනිසුන්ගේ ජිවිත හානි වෙන්න කියල හිතන්න තරම මිලේච්ඡ විදිහට හිතන්න එපා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site