
(රන්ජන් කටුගම්පොල)
හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම ගොනු කළ රිට් පෙත්සම දෙසැම්බර් මස 4 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කළේය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලණි
පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදි පෙත්සම්කාර සමාගම වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ නවින් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ මස 30 වනදාට පෙර ගෙවිය යුතු හිඟ බදු මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ලිපියක් ඒවා ඇති බවයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි