IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මධුෂ් සමඟ ඇල්ලූ 8ක් නිදහස්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත්  පාතාල නායක  මාකදුරේ මධුෂ්  සමඟ  සිටි පිරිසෙන් පුද්ගලයින් අට දෙනකු මේ වන විට නිදහස් කර ඇතැයි  පොලිස් ආරංච් මාර්ග පවසයි.
 

 ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු   එරට  පොලීසිය විසින් ඔවුන්  සියලු  දෙනා රුධිර පරීක්ෂාවකට යොමු කර තිබු අතර එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගත වී නොමැති බවට තහවුරු වු පුද්ගලයින් 08 දෙනකු මෙලෙස නිදහස් කර ඇති  බව එම ආරංචි මාර්ග පවසයි.
 
එසේම ඉදිරි දින දෙක ඇතුළතදී  සියලුම පිරිස පරීක්ෂාවට ලක් කිරීම් අවසන් වනු ඇතැයිද  රුධිර පරික්ෂාවේ කිසිදු වෙනසක් නොවේ නමි ඔවුන් නිදහස් වනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
නිදහස් කෙරුණු පිරිස අතර කාන්තාවන් කිහිප දෙනකු සිටින බවද එම ආරංචි මාර්ග පවසයි.

(36698)



අදහස් (24)

මධුෂ් සමඟ ඇල්ලූ 8ක් නිදහස්

Mahee Friday, 08 February 2019 08:20 AM

ගමේ කසිප්පු විකුණන මිනිහ කසිප්පු ගැහුවත් මුදලාලි කසිප්පු බොන්නේ නැහැ. ඒ වගේම කුඩු විකුණන මිනිහ කුඩු ගැහුවත් මුදලාලි කුඩු ගහන්නෙ නැහැ.

:       2       218

banda Friday, 08 February 2019 08:31 AM

මදුෂ් ඇතුළු සියලුම දෙනාට නිදහස ලැබේවි

:       24       187

sarath perth Friday, 08 February 2019 08:50 AM

මදුෂ් නිදහස්වුනොත් ලංකාවට ගෙනැවිත් මහබැංකුව බාරදෙන්න. කාටද ආඩම්බර?

:       101       209

seneviSaturday, 09 February 2019 06:20 AM

කරුණාකර ඉන්ටර්නෙට් ලින්ක් එක දෙන්න පුලුවන්ද, මමත් ඉන්නේ ඩුබායිවල..

:       0       3

sirimal Friday, 08 February 2019 09:33 AM

"මාකඳුරේ මදුෂ් මත්ද්‍රව්‍ය භාවිතාකර නොමැති බවත් ඔහු මත්පැන් පානය කර ඇති බවත් ඔහු සමඟ අත්අඩංගුවට පත් ඉම්රාන් නමැති පුද්ගලයාද මත් ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර නොමැති බවත්" ලේ සහ මුත්‍රා පරික්ෂා කිරීමේදී අනාවරණය වූ බව අන්තර්ජාල වාර්තාවල සඳහන් වේ. මේ හේතුවෙන් ඩුබායි රටේදී වෙනත් නීති විරෝධී ක්‍රියාවකට චෝදනා ලබා නැති ඔවුන් දෙදෙනාද හෙට, අනිද්දා නිදහස් වුවහොත් පුදුම නොවන්න.

:       3       170

ගුණ්ඩා Friday, 08 February 2019 09:42 AM

මෙයාව මෙහෙ ගෙනාවොත් පාර්ලිමෙන්තුත් ගිහිල්ලා තමයි නවතින්නේ.

:       0       161

smn Friday, 08 February 2019 09:51 AM

ඉදිරියේදී ලංකාවේ මැතිවරණ කීපයක්ම තියෙනවා. මදුෂ් නිදහස් වුණානම් ලංකාවේ ඔහුට හොඳ ඉල්ලුමක් තියේවි. සලකා බලමු...

:       0       102

Kumar (Gulf)Friday, 08 February 2019 04:55 PM

ඔව් ඔව් පොහොට්ටුවෙන් පළාත් සංවිධායකකමක් දේවි...

:       358       507

janahitha Friday, 08 February 2019 05:31 PM

පොහොට්ටු පෙරමුණට බියෙන් මේ අය විදේශ ගත උනේ 2015ට පෙර... නමුත් කවුරු පාලනය කලත් මේ පිරිසට රැකවරණය තිබේ.

:       100       55

sampath Friday, 08 February 2019 10:36 AM

මේ මොළ පිරිසිදු කරලා රටට වැඩක් ගනිමු. මොවුන්ට ලොකු දෙයක් කරන්න පුළුවන්....

:       117       278

BamunuarachchiFriday, 08 February 2019 04:08 PM

මොළ පිරිසිදු කරන්න නම් ඔලු පලලා මොලය එලියට ගන්න ඕනේ...

:       4       126

නාලකFriday, 08 February 2019 05:02 PM

මුලින්ම ඔයාගේ මොලේ පිරිසිදු කරගන්න. මොලේ අපිරිසිදු වුණාම ඔයවගේ විකාර ඔලුවට එනවා.

:       1       196

අනුරSaturday, 09 February 2019 02:07 AM

මානව හිමිකම් කාරයින් නම් කියන්නේ සියළුම අපරාධ කාරයින් මිනිසුන් බවයි. ඒ් අනුව ඔවුන්ගෙන්ද වැඩක් ගන්න ක්‍රම නැති වෙන්ඩම බෑ.

:       6       2

abaran Friday, 08 February 2019 10:37 AM

මට පෙනෙන විදියට මේ මෙහෙයුම කරලා තියෙන්නේ මේ දැවැන්ත කුඩු බිස්නස්කාරයා නිර්දෝෂීව ලංකාවට නිරුපද්‍රිතව ගෙනඒමේ කූට උපක්‍රමයක් විදියටයි...

:       8       142

Vijitha Friday, 08 February 2019 11:14 AM

මොනවද මේ බයිලා? ඔවුන් සේරම නිදහස් වෙනවා. මදුෂ් ලංකාවට නිරුපද්‍රිතව ඇවිත් ජනපති පුටුවටත් තරඟ කරනවා. මේක ලංකාව බව දන්නේ නැද්ද? උදයංග ගෙන්න පුළුවන් වුණාද? ජාලිය වික්‍රමසූරිය වගේ කෙනෙක් ගෙනාවද? හැබෑටම මොනවද මේ බයිලා?

:       0       276

පෙරුමාල් Friday, 08 February 2019 01:46 PM

මධුෂ්ගේ මූණ හරියටම අර නාමල් කුමාර කියන පොලිස් ඔත්තු කරුවාගේ මූණ වගේමයි. දෙන්නගෙන් කාගෙ හරි අම්ම හරි තාත්ත හරි අනිත් ෙකනාගේ දෙමව්පියන්ගේ ගෙදර වැඩට ගිහින් තියෙනවා ෂුවර් එකටම... ඒකනෙ නාමල් කුමාර අලුගෝසුවා වෙන්න හදන්නේ...

:       84       125

Chaminda Friday, 08 February 2019 03:10 PM

මධූෂ් අයියා අපි ඔබ සමගයි...

:       276       125

chandimaFriday, 08 February 2019 05:06 PM

බයවෙන්න එපා ධනුෂ් අයියා, ඔයාව බේරගන්න භාණ්ඩාගාරේ ඉතිරිවෙලා තියන ටික වුනත් දෙන්නම් කියලා ලොක්ක කිව්වා...

:       8       22

akila Friday, 08 February 2019 04:00 PM

එතකොට හොර පාස්පෝර්ට් හදාගෙන ගියපුවා ඒ රටට අදාලම නැත්ද? වෙන රටක ට අවශ්‍ය මහා මිනීමරුවෙක් කියන එකවත් ඩුබායි පොලිසියට අදාල නැත්ද?

:       0       429

janahithaFriday, 08 February 2019 05:34 PM

කිසිම රටකට අදාල නැහැ.. ගිවිසුමක් තිබේ නම් හැර අපේ රටේ බෝම්බ පුපුරවපු දහස් ගණනක් යුරෝපයේ ඉන්නවා ගන්න නීතිමය ගිවිසුම්, සවියක් අපිට නැහැ වුවමනාවක් නැහැ ඔන්න ඕකයි තත්වේ...

:       0       40

NuwanSaturday, 09 February 2019 05:51 AM

මධුශ්ව නෙමේ කවුරු වුණත් වෙනත් රටකදී අත්අඩංගුවට ගන්නේ එම රටේ නීති කඩ කරලා නම් විතරයි.. අපේ රටේදී කළ වැරදිවලට අත්අඩංගුවට ගන්න නම් ඉන්ටර්පෝල් වරෙන්තුකරුවෙක් වෙන්න ඕනෑ.. එසේ වරෙන්තු තිබියදී අත්අඩංගුවට ගත්තත් නැවත මව්රටට ලබා දීමට නම් සැකකරුවන් හුවමාරු කරන උද්දර්පන පනත වැනි ගිවිසුම් අත්සන් කර තිබෙන්න ඕනෑ.. නමුත් මේ අමුතු රටේ ලොව අනිකුත් රටවල් සමග ගිවිසුම් හිතාමතාම මග හැර තියනවා. මොකද අපේ නායකයින්ට දවසක ගිහින් හැංගෙන්න වත්කම් හංගන්න ඔවැනි රටවලට යන්න වෙන නිසා....

:       0       35

chandima Friday, 08 February 2019 05:03 PM

ඉතුරු ටිකදෙනාත් නිදහස් වෙයි. නැතිනම් ලංකාවට එවයි. මොකද ලංකාවේදී ඔය කිව්වට එල්ලන්න දෙන්නේ නැහැනේ අර යුරෝපිය ප්‍රජාව කියන කට්ටිය. සමහරවිට යුරෝපිය ප්‍රජාව ඔය තරම් ඉක්මන් වුනේ එයාලා එක්කල ගනුදෙනු කරන කෙනෙකුගේ ඉල්ලීමටද කවුද දන්නේ? එ් ගොල්ලන්ටත් වෙලා තියෙන්නේ උණු හින්ද බොන්නත් බැහැ, කිරි හින්ද‍ා විසිකරන්නත් බැහැ වගේ වැඩක් වෙන්න ඇති. නමුත් මේ වතාවේ නම් කට පිච්චුනාවේ කියල ඉන්නවා වගේ?

:       0       15

jayath Saturday, 09 February 2019 06:44 AM

ඔබ නාටකේ වෙනසක් කළා.. මේකත් මේ රටේ අනිකුත් නාටක වගේ කස්ටිය කලින්ම පිටපත ලියලා නිෂ්පාදනය කරලා රඟ දක්වන එකක්... අර පහුගියකාලේ තිබුන සෛටම් දොස්තරට පහර දීම, ජනපති ඝාතන තැත, මොඩලයේ ඒවා ඒ නිසා කව්රුත් මෝඩ චූන් ගන්න එපා අන්තිමට නටපු "ඩෙවල් ඩාන්ස් එකකුත් නැහැ ඩ්‍රම් එකේ සයිඩ් එකකුත් නැහැ " හි...හි...

:       0       10

අබ්දුල් Saturday, 09 February 2019 10:06 PM

අයියෝ ඕක මොනවද ලෝක අපරාද කාරයින්ගේ පාරාදීසයක් තමා ඩුබායි කියන්නේ. ඔය අත්අඩංගුවට ගත්ත කතාව තවත් එක ටෙලිනාට්‍යක් විතරයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site