IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මධූෂ්-අමල්-නාලකගේ සබඳතා සොයන්න පරීක්ෂණයක්


 ( නිමන්ති රණසිංහ)


පාතාල නායක  මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක  අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට  ජාත්‍යන්තර පොලීසිය හරහා  කටයුතු කරන බව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  රංග  දිසානායක මහතා ඉදිරියේ කරුණු  දක්වමින් සඳහන් කළේය.


මේ වන වන විට මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායක සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා  ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින අතර  ඔවුන් සමඟ පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සබඳතා පවත්වා ඇති බවට ලැබෙමින් පවතින තොරතුරුවලට අදාලව  ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු  ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.
2016 වසරේදී  ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ පොලිස්පතිවරයා  සමඟ දැඩි  සබඳතාවක් තිබී ඇතැයි ද කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වීය.
 
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා  ඝාතන කුමන්ත්‍රණ සැලසුමට අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදී  මෙම කරුණු අධිකරණයට වාර්තා කළේය.
 



අදහස් (8)

මධූෂ්-අමල්-නාලකගේ සබඳතා සොයන්න පරීක්ෂණයක්

sachith Wednesday, 13 February 2019 06:40 AM

ඔක්කොම කුණු බේරුවල බොක්කට කිවා වගේ තම, දැන් ඉතින් අහුවෙන අහුවෙන පාතාලය මෙයත් එක්කම විතරයි සම්බන්දකම් තියල තියෙන්නේ.

:       1       8

ඇත්ත සත්‍යපාල Wednesday, 13 February 2019 07:09 AM

බොහෝ කලක සිට පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා වන ලතිෆ් මහතා පන්නා දැමීමට වෙහෙසුන සහ මදුෂ්ගේ ගෝලයින් පිරිසක් තම ආරක්ෂකයින් ලෙස තබාගෙන සිටි වෙල් විදානේ ගැන වහා පරීක්ෂණයක් කලයුතු බව බලධාරීන්ට නොතේරේද ?

:       2       182

Sapumal. Wednesday, 13 February 2019 07:09 AM

කාට බොරු කලත් අපගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු කරන්න බැහැ. එම තත්වය රටවැසියන් ලෙස අප සැම ලැබූ විශාල ජයක්. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වා සේ ඉදිරියේදී හොඳ හොඳ දේ අපට බලාගත හැකි වේවි.

:       13       57

Vajira Wednesday, 13 February 2019 08:22 AM

අදහස් නැත

:       0       0

Sepala atygala Wednesday, 13 February 2019 08:42 AM

රහස් පොලිසියට දැන් මොකක් හරි කුනුහරපයක් කියල මේ පටලැවිල්ල ලිහාගන්න ඕන...... මදුෂ්ගේ විස්තර අද වෙනකන් හොයාගන්න බැරි උන ස්ට්ෆ් එකට පින්සිද්ද වෙන්න වැඩේ කරගත්ත

:       0       27

sena Wednesday, 13 February 2019 08:43 AM

හොදයි සම්බන්දයක් තිබිලා ඔප්පු උනත් එයාව ගෙන්න ගන්නේ කොහොමද අපි ඩුබායි රටත් එක්ක අපරාද කාරයෝ හුවමාරු කරගන්න ගිවිසුමකට අත්සන් කරන්නේ නැතුව.

:       0       82

Uditha - London Wednesday, 13 February 2019 08:43 AM

ඒ සැරේ තව අලුත් නාට්‍යක්ද?

:       14       4

pathirana Wednesday, 13 February 2019 09:31 AM

ඔය අපරාදකාරයෝ ටික ලංකාවට ගෙන්න ගන්න බැරි මොකක්දෝ ගිවිසුම් ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ - ඉතින් මොකටද ඔය පොලෝසියේ මහත්තුරු දුක්විදගෙන ඕවා හොයන්නේ?

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2117 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site