IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මධ්‍යම සංස්කෘතික අරමුදලට නව අධ්‍යක්ෂවරයෙක්

(අංජුල මහික වීරරත්න)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කළ මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මේ වන විට එම තනතුර පුරප්පාඩුව පවතී.

දේශීය මෙන්ම විදේශීය පුරාවිද්‍යා, වාස්තු විද්‍යා, පුරාවිද්‍යා සංරක්ෂණ ක්ෂේත්‍රයන්හි පුහුණු හා අත්දැකීම් සහිත, ප්‍රකාශන ව්‍යාපෘති හා ශාස්ත්‍රීය පර්යේෂණ රාශියකට නායකත්වය හා මාර්ගෝපදේශකත්වය ලබා දී ඇති ආචාර්ය ටී. එම්. ජේ. නිලාන් කුරේ මහතා එම තනතුර සඳහා සුදුසු බවට හඳුනාගෙන තිබෙන බව රජය පවසයි. ඒ අනුව ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට කොන්ත්‍රාත් පදනම මත පත් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

මධ්‍යම සංස්කෘතික අරමුදලට නව අධ්‍යක්ෂවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site