IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මධ්‍යම පළාතේ සාපෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර සිසුන්ට ලැබිලා

(කාංචන කුමාර ආරියදාස)
 
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාතේ සියලු පාසල්වල අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුන්ට ලබාදෙන පෙරහුරු පරීක්ෂණ  විභාගයේ  8 දින සදුදා පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රය මීට දින කිහිපයකට ඉහත දී පාසල් ළමුන් අතට පත්ව ඇතැයි දෙමාපියෝ පවසති.
 
සෑම වසරකම පළාත් සභා මට්ටමෙන්  විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍රය පාසල් මට්ටමින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ආකාරයටම පැවැත්වීම සඳහා රජය විශාල මුදලක් වියදම් කරයි.
 
පාසලේම සෞඛ්‍යාරක්ෂිතව විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කර තිබියදී මධ්‍යම පළාත තුල ඇති පාසල් බොහොමයකට,  විභාගය පැවැත්වීමට පෙර ගණිතය,ඉංග්‍රීසි, බුද්ධ ධර්මය සඳහා වන ප්‍රශ්න පත්‍ර සියල්ලම දරුවන් අතර පත්ව ඇති බවත්, දරුවන් නිවෙස් වල සිට ඒ සියලු විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සපයා ගෙන පසු දා විභාගයට පාසල් යන බවත් දෙමව්පියෝ බරපතළ ලෙස චෝදනා කරති.
 
මේ වන විටත්  දරුවන්ගේ ජංගම දුරකථනවල මධ්‍යම පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන්නට ඇති 08 දින පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රය සැරිසරන බව පෙන්වා දෙන දෙමව්පියෝ මෙවැනි විභාගයක් පැවැත්වීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන්ට නිසි වගකීමක් නැද්දැයි ප්‍රශ්න කර සිටිති.
 
පළාතේ  විදුහල්පතිවරුන් කිහිපදෙනෙකුගෙන් මේ පිළිබඳව විමසීමේදී විදුහල්පතිවරුන් කියා සිටියේ ප්‍රශ්න පත්‍ර කට්ටල තම පාසල්වලට ලැබීමට පෙර සිටම පළාත් සභාවට අයත්  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන පිට වී ඇති බවට තමන්ට දැනගන්නට ඇති බව ය. ගුරුවරු ද මෙම ප්‍රශ්න පත්‍ර දරුවන් අතට පත්වීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවෙති.
 
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ  තිලක් ඒකනායක මහතා කියා සිටියේ එවැන්නක් තමා නොදන්නා බවය.කෙසේවෙතත් වයිරසය හේතුවෙන්  විද්‍යාලවලට මෙම ප්‍රශ්න පත්‍ර යැවීම නිසා මෙය සිදුවුනේ දැයි සොයා බලන බව ඒ මහතා සඳහන් කළේය.
 
පසුගියදා වතුකරයේ පාසල් වර්ජනයක් පැවති බවත් ඇතැම් විට එම වර්ජනය නිසා ප්‍රශ්න පත්‍ර පිටතට ගියේ ද යන්න ප්‍රශ්නයක් පවතින බවද ඒ මහතා පැවසීය. ප්‍රශ්න පත්තර දරුවන් අතර පත් වූයේ කෙසේද යන්න තමා කඩිනමින් සොයා බලන බවත් මේ පිළිබඳ ව තමා ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ස්තූතිවන්ත වන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා  සඳහන් කළේය.



අදහස් (2)

මධ්‍යම පළාතේ සාපෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර සිසුන්ට ලැබිලා

Roshan shammika Friday, 03 March 2023 05:42 PM

ස්තුතියි ඒකට...!

:       9       6

නිල්මිණි සමරසිංහ Saturday, 25 March 2023 10:50 AM

ඉතා හොඳයි...

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site