IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මුදල් වංචා කළ අයෙක් පැහැරගත් හතක් අත්අඩංගුවට

(බිමල්  ජයසිංහ)

යුරෝපා රටවල රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි  කාන්තාවන් තිදෙනෙක් ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

සැකකරුවන් පැහැර ගැනීමට යොදාගත් ලොරි රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් සැකකරුගේ මහා පරිමාණ වංචාවට හසුවූ පුද්ගලයන් රැසකගෙන් කීප දෙනෙකු බව පොලිසිය කියයි.

පැහැර ගත් පුද්ගලයා   කැනඩාවේ සිටින බවට හඟවමින් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතිය විසින් හෝමාගම,  ත්‍රිකුණාමලය, ඇලහැර හා චීන වරාය ආදී ප්‍රදේශවල පුද්ගලයන් විශාල පිරිසක් රවටා මෙම මුදල් වංචාව සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ මෙම වංචාවට සමීප ඥාතීන් පවා හසුව ඇතැයිද පොලිසිය කියයි.

පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ නිවසකට ලොරියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තම පුතුව පැහැරගෙන ගිය බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ලොරියේ ලියාපදිංචි අංකය ඔස්සේ  හා තොරතුරු ඔස්සේ  සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 



අදහස් (0)

මුදල් වංචා කළ අයෙක් පැහැරගත් හතක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site