IMG-LOGO

මැදපෙරදිග රක්ෂණයෙන් කෝටි ගණනක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )


ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අරාබි රටවල විදේශ  ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමේදී තනි පාර්ශවයකින් ලංසු කැඳවා ඩොලර් 100ක  වටිනාකමකට ලබාදීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් කර ඇතැයි විගණකාධිපතිවරයා තොරතුරු අනාවරණය කර ඇතැයි  කෝප් කමිටුව පවසයි.

එහෙත් රක්ෂණ සංස්ථාව සතුව ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවද කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රක්ෂණ  සංස්ථාවේ නිලධාරීන් එකට කැඳවා  කරුණු විමසීමට කෝප් කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කාර්ය සාධනය පිළිබඳ විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගිය 8 වැනිදා රැස්විය. මෙම කරුණු අනාවරණය වූයේ ඒ රැස්වීමේදීය.

මේ අතර විශාල මූල්‍ය පාඩුවක් ලබා ඇති හෙයින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ  මාලදිවයින  සහ සීෂෙල්ස්  ශාඛා දෙක   විධිමත් ආකාරයට වසා දැමීම සඳහා  විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීමට කෝප් කමිටුව තීරණය කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ සංස්ථාවේ මූල්‍ය  නිලධාරියා පැවසූවේ එම ශාඛා දෙක දැනට ක්‍රියාත්මක නොවන හෙයින් ඒ වෙනුවෙන් මුදලක් වැය නොවන බවයි.

ඒ ශාඛා තිබූ මුදල් ලංකා බැංකු ශාඛාවල තැන්පත් කළ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර රක්ෂණ සංස්ථාවට අයත්  ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස  කමිටුව  රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට
උපදෙස් දුන්නේය.

කෝටි 79 කට  වැඩි වටිනා මෙම දේපළ නැවත බාර දුන් නමුත්  කොවිඩ්  වසංගතය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය එය  යළි ලබා ගෙන ඇතැයිද  මෙහිදී තොරතුරු අනාවරණයවිය.

එම  ඉඩම භාවිතා කළ කාලය සඳහා හිඟ කුලිය කොටස් වශයෙන් ගෙවීමටත් මෙම වසරේ  සිට නව ගිවිසුමකට එළඹීමටත් ජනාධිපති කාර්යාලය එකඟවූ බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර සංස්ථාවේ කාර්ය මණ්ඩලය පිළිබඳවද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අවධානය යොමුවිය.

මෙහි දී රක්ෂණ සංස්ථාවේ විධායක නිලධාරියා නිළධාරියා පැවසුවේ ස්ථිර කාර්ය මණ්ඩලයේ 2535 දෙනකු සහ  කොන්ත්‍රාත් පදනම යටතේ  දෙසිය තිස් දෙදෙනෙකු සේවය කරන බවයි.

සංස්ථාවේ මානව සම්පත සම්බන්ධයෙන් විගණනයක් පවත්වා  වාර්තාවක් මාස හයකදී ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව සංස්ථාවේ සභාපතිවරයාට මෙහිදී  දැනුම් දුන්නේය.



 

 



අදහස් (1)

මැදපෙරදිග රක්ෂණයෙන් කෝටි ගණනක පාඩුවක්

vernon Monday, 13 March 2023 09:06 AM

රජයේ ආයතනයක් තවත් රජයේ ආයතනයකින් දෙයක් මිලට ගත්තාම පාඩු වෙනවා කියනවා නම් ඒ පාඩුව අනෙක් රජයේ ආයතනයේ ලාභයක් වෙනවා නම් ඒක අන්තිමේදි රජයේම ගිණුම් දෙකක් අතර හුවමාරුවක් වෙනවා නම් මෙතන ඇත්තටම පාඩුවක් වෙන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 370 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 919 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1314 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site