IMG-LOGO

මත් සාදය අස්සේ තරුණියකට අතවර කරලා

(සුමිත් පොතුපිටිය)

පානදුර සංචාරක හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 10 ඇතුළු 41 දෙනකු අද භාරයට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායම හොරේතුඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත්වූ සාදය වටලා ගංජා, කුස් මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමග සැකකරුවන් පොලිස් භාරයට ගෙන තිබේ.

හෝටලයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ ද පොලිස් භාරයට ගෙන ඇතැයි සදහන් වේ.

සාදය අතරතුර මත්ව සිටී ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු පිරිස අතර සිටින බවත් පොලිසිය කීය.

සැකකරුවන් පිරිසක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් දෙමාපියන් ගෙන්වා භාරදීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම කර තිබේ.

 



අදහස් (2)

මත් සාදය අස්සේ තරුණියකට අතවර කරලා

dingiriya Saturday, 04 February 2023 08:46 PM

ගැහැණු පිරිමි එකතුවෙලා සංතෝෂ වෙන එක හරි ලස්සනයි. ඒත් මේ වගේ බලුවැඩ කරන උන්ට පාටි එපාවෙන්න දඬුවම් කරන්න ඕනි.

:       0       6

anura Sunday, 05 February 2023 10:05 AM

මේ විදිහට 41ක් අත්අඩංගුවට ගත්තේ කුමන නීතිය යටතේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 237 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site