IMG-LOGO

මත් ජාවාරම්කරුට ඇප ගන්න අල්ලස් ගත් ලේකම් දෙකක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාට ඇප ලබා දීමට යැයි රුපියල් කෝටි එක හමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු ඇතුළු තිදෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සංජීව රත්නායක මහතා අද (09) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පෙනී සිටි මාලබේ ප්‍රදේශයේ පදිංචි කාංචන එරික් සිංහාරගේ, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන දෙහිවල පදිංචි මීරා සයිබදු මොහොමඩ් මොහිදීන් සෆ්රාස් සහ ඔහුගේ බිරිඳ වන ශකිලා මුම්තාස් තායුබ් යන අයවලුන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (09) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සැකකරුවන් දෙමටගොඩ රුවන් නමැත්තාගේ පුත්‍රයාගෙන් රුපියල් කෝටි එක හමාරක මුදල ලබාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ට ලබා දීමට යැයි පවසමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළව සම්බන්ධීකරණ කටයුතු කළ බවද සඳහන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

අදාල අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හමුවීම සඳහා දෙමටගොඩ රුවන් යන අය ගේ පුත්‍රයා සම්බන්ධ කර දී ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා බව ද සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

 



අදහස් (1)

මත් ජාවාරම්කරුට ඇප ගන්න අල්ලස් ගත් ලේකම් දෙකක් රිමාන්ඩ්

Pradeep Kumara Sunday, 10 April 2022 08:32 AM

ඔන්න පේනවනේ, බලය අයුතු ලෙස භාවිතා කරලා අපරාධකාරයන්ව නිදහස් කලාම සිදුවන දේ. දුමින්ද සිල්වා වැන්නන්ගෙන් ඔයිට වැඩිය තව මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? සමාජ පිළිල..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 398 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1344 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site