IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැති ඇමතින් නවයක් අල්ලේ රතු ගාගෙන

මේ වසරේ දී අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්  නව දෙනකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව විමර්ශන  සිදු කරමින් සිටින බව අල්ලස් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජී ජේ ඩී එස් බාලපටබැඳි මහතා කියයි.

එම විමර්ශනවල රහස්‍ය භාවය රැකිය යුතු නිසා  නම් හෙළි කළ නොහැකි බව ද, ඔවුන් සිදු කළ බව කියන දූෂණ හා වත්කම් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බව ද ඔහු පවසයි.



අදහස් (0)

මැති ඇමතින් නවයක් අල්ලේ රතු ගාගෙන

චිරාත් Wednesday, 04 December 2013 05:22 AM

බලමු මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 04 December 2013 05:26 AM

ඔය වගේ විහිලු කතා අපි මීට කලින් අහල තියෙනවා.(නදී)

:       0       0

උපාලි Wednesday, 04 December 2013 05:33 AM

මහත්වරුනි, ඔබ දන්නවද ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් ඒකමතිකව අත් ඔසවල සම්මත කරපු පනත් කීයක් ලංකාවේ තියෙනවද කියල? දෙක තුනක් ඇති ඕන නම්. මෙන්න එකක්, 'අල්ලස් පනත'. එදා කට්ටිය එකතුවෙලා පෙන්නපු උද්යෝගයත් එක්ක ක්‍රියා කලාපයත් සසඳලා බලනකොට, ඇඩෙනවා (නදී)

:       0       0

අඛිල සේනාරත්න Wednesday, 04 December 2013 01:44 PM

ජනාදිපතිතුමාට මේ හොරුන්ගේ වැඩ පෙන්නුවොත් තව ටික කාලයක් ඉන්න පුලුවන්.(නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 03 December 2013 02:03 PM

මේවා හඑියටම රටට එලි කරනව නම් තමයි රටේ නියම ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා වෙනවා කියන්නෙ.මොන රහස් භාවයක්ද? ජනතාවගේ ඡන්දයෙන් ගියේ නැති නම් ඔන්න කමක් නැ. (ස)

:       0       0

සත්‍යයා Wednesday, 04 December 2013 08:12 AM

අල්ලස් චෝදනා එල්ලවූ එස් බී.දිසානායකට පරීක්ෂණ අවසන් නොකරම සමාව ලැබුනා. දෑත් ශක්තිමත් කරන දිගු ගමන යන්න තිබුන නිසා. දෑත් ශක්තිමත් කරන්න නාවොත් ඔය නිදහස දෙන දෑතින්ම තමා මේ චෝදිතයන්ට විලංගු වැටෙන්නේ. මෙන්න මේ වෙනස පමණක් හඳුනාගෙන ජීවත් වන්න. (නදී)

:       0       0

කළණ Wednesday, 04 December 2013 08:16 AM

රජයේ දෙයක් විවේචනය කරපු කට්ටියක්ද? (නදී)

:       0       0

කැලුම් Wednesday, 04 December 2013 02:30 PM

මේ අය අල්ලේ විතරක් නොවෙයි හැමතැනම රතු ගා ගත්ත බව පත්තර වලින් දකින්ට ලැබෙනවා. (ස)

:       0       0

යසවතී Tuesday, 03 December 2013 02:24 PM

මම හිතන්නෙ නමයට ගොඩක් වැඩියි. (ස)

:       0       0

ආරියසේන Tuesday, 03 December 2013 08:29 PM

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 03 December 2013 02:51 PM

අනේ මෙයාලගේ රහස්‍ය බාවය. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 03 December 2013 08:46 PM

මැති ඇමතිවරුන්ට විරුද්ධව පැමිණිලි ලැබෙනවා. නමුත් ඒවා විභාග කර දඩුවම් නියම කරපු බවක් නම් මම අහලා නැහැ. ඔය ප්‍රකාශ බොරුවට අපිව රවටන්න කරන ඒවා. අනේ මහත්වරුනි හරියට කොමිසමේ රාජකාරි කරන්න බැරිනම් අපේ සල්ලි කාබාසිනියා කරන්නේ නැතුව ගෙදර යන්න.(නදී)

:       0       0

සෙන්සා Wednesday, 04 December 2013 08:45 AM

මම හිතන්නේ කණ්ඩායමෙන් ඉතිරි වන්නේ නවයටත් අඩු සංඛ්‍යාවක් කියලා. (ස)

:       0       0

රවින්ද්‍ර සෙනෙවිරත්න Tuesday, 03 December 2013 03:44 PM

මේ වසරේ නමයයි. පසුගිය වසර වල අල්ලේ නෙමේ අත් දෙකෙම රතු ගාගත්ත උදවියගේ නම් අදටත් එලි කරලා නැහැ. (ස)

:       0       0

ය.උ.රංජිත් Tuesday, 03 December 2013 09:56 PM

අපේ රටේ වැරදි කරන ඇමති මහත්තුරු ඉන්නවද ?.(නදී)

:       0       0

පොරමොලා -බින්තැන්න Wednesday, 04 December 2013 10:36 AM

පිස්සු ද ළමයිනේ...අල්ලක් රතු ...අල්ලක් නිල්...මල්ලක් කොළ... දුප්පත් අපි කහ...කහ... (ස)

:       0       0

ශිරාන් Tuesday, 03 December 2013 11:32 PM

ඒ වුණාට මුළු සර්වාංගයේම රතු නා ගත්ත අය නම් කී දෙනෙක් ඇද්ද අපි අතර? (නි)

:       0       0

පිලීසියන් ප්‍රනාන්දු Tuesday, 03 December 2013 04:52 PM

හරි ඔය කොමිසම අපි වගේ දුප්පත් මනුස්සයෙක් කරානම් අපේ අම්මගේ ,තාත්තගේ ,ඔක්කොම නම දානවා මේවා රහසේ තියාගන්නවා බලමුකෝ බලන්ඩ ඕක විසදන විදිය ..(නදී)

:       0       0

ප්‍රමුඛ Tuesday, 03 December 2013 05:06 PM

මේ අය අනිවාර්යෙන්ම විරුද්ධ පක්ෂවල වෙන්න ඇති. එය එසේ නම් පැත්ත මාරු කරන්න මෙය අනියම් පෙලඹවීමක් විය හැකිය.එහෙම වුනොත් නුදුරේම තවත් ඇමතිවරු වැඩි වේවි.(නදී)

:       0       0

නිරංජලා. Tuesday, 03 December 2013 05:16 PM

මේ පරීක්ෂණ ගැන එතරම් විස්වාසයක් , බලාපොරොත්තුවක් තියා ගන්න බැහැ.පසුගිය කාලේ කලූතර පැත්තේ ඇමති කෙනෙකුගේ කෝටි ගණනක් විමර්ශනය කරන්න ගිහින් එම නිලධාරීන් අම්පාරට මාරු කරලා එම දත්ත ඇතුලත් පරිගණකයත් ඉස්සුවනේ.මේවා මේ කාවහරි බය කරලා තියා ගන්න කරන වැඩ.(නදී)

:       0       0

රුප Wednesday, 04 December 2013 12:43 AM

මේ පරීක්ෂණ කියා කරන්නේ මොනවාද කියලා බලමු (නි)

:       0       0

දොඩන්ගොඩ Tuesday, 03 December 2013 05:58 PM

දුප්පත් මිනිහෙක් රුපියල් 200 ක අල්ලසක් ගත හොත නම ගම සහ පින්තුර පවා වැටෙනවා පුවත් පත් වල ගුවන් විදුලි නාලිකා සහ රුපවාහිනී නාලිකා වල (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site