IMG-LOGO

මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ )

කෝප් සහ කෝපා  ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee  of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක  සපුමල් රන්වල මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නායකයන්ට දැනුම් දී ඇත.

තේරීම් කාරක සභාව ලබන 3 වැනිදා පිහිටුවීමට නියමිතය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 08 දෙනෙක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු සිවු දෙනෙක් ඇතුළත් වෙති.

ලබන 03 වැනිදා තේරීම් කාරක සභාවට නම් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

අනතුරුව තේරීම් කාරක සභාව එදිනම පස්වරුවේ රැස්වී කමිටු පත් කරන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (2)

මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි

බකල ජයා Thursday, 28 November 2024 02:30 AM

අපේ වාසනාවට අර කළුතරින් දිනපු මහත්තයට නැවත වතාවක් කෝප් සභාපති විදිහට රටට නොසෑහෙන්න සේවය කරන්න පුළුවන්. දැන් ඉතිං අපිටත් නිදහසේ හුස්මක් ගන්න පුළුවන්.

:       0       12

sam Saturday, 30 November 2024 05:20 AM

ජොලි සීයයි, මයිනයි එකතු වෙලා කෝප් එකට පත්කළ නූගත්, ගොබ්බ රත්තරන් වගේ අයව පළාතකවත් ගන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 25 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1560 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site