
(සුජිත් හේවාජුලිගේ)
නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ අධ්යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක මහත්මිය පවසන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය එම සතියේ සේවයට අනිවාර්යයෙන්ම වාර්තා කළ යුතු බවයි.
මේ කාලසීමාවේ දී පාර්ලිමේන්තුවේ සියලුම අංශ නව පාර්ලිමේන්තුව පිහිටුවීමේ පූර්ව කටයුතු සඳහා සූදානම් කර තැබෙනු ඇත.
දස වැනි පාර්ලිමේන්තුව අභිනවයෙන් ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනිදා ය.
දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් ලබන 25,26 සහ 27 දිනවල පැවැත්වේ. පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන්ට එහිදී පුළුල් දැනුමක් ලබාදීමට නියමිතය.
නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම ලබන 18,19 සහ 20 දිනවල කෙරෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
මේ අතර නව පාර්ලිමේන්තුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
එසේම නව පාර්ලිමේන්තුව වෙනුවෙන් සභා ගර්භය ඇතුළු එහි බොහෝ ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමේ සහ නවීකරණ කිරීමේ කටයුතු ද ආරම්භ කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබේ නිවාඩු අවලංගුයි