IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණයට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්ැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම නොවැම්බර් 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ පෙත්සම කැඳවීණී.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම ”අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් මහතා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හා නීතිපතිවරයා නම් කර ඇත.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා නියම කළ කර ඇතැයිද මැතිවරණ පනත විධිවිධාන අනුව නාමයෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව සඳහන් කරන පෙත්සම්කරු ඒ අනුව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වැනිදා සිට සති පහක කාලය අවසන් වන්නේ නොවැම්බර් මස 15 වැනිදා බවත් සති 07ක කාලය සම්පූර්ණ වන්නේ නොවැම්බර් 29 වැනිදා බවත් සඳහන් කර ඇත.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වැනිදා එම නීතිමය කාලසීමාවට ඇතුලත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බවත් පෙන්වා දෙන පෙත්සම්කරු මෙම වරද පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළත් ඉන් පලක් නොවූ බවද සඳහන් කර ඇත.

 



අදහස් (0)

මැතිවරණයට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site