IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාතලේ මහ වීදියේ මහ වළක්

මාතලේ නගරයේ ප්‍රධාන විදියේ පරණ පොලිසිය අසළ මාර්ගයේ මහ වළක් මතු විය. විශ්කම්භය අඩි පහක් වු මේ වළෙහි  ගැඹුර අඩි දහයක් බව මාර්ග සංවර්ධන අධීකාරියේ මාතලේ විධායක ඉංජිනේරු තේජා වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

මාතලේ දිස්ත්‍රික් භු විද්‍යාඥ එම් .සි යු බි මොරේමඩ මහතා එහි පස් සාම්පල  ගත්තේය.

මාතලේ නගයේ උමං මාර්ගයක් ඇති බව ජනප්‍රවාදයේ එන කතාවකි. පසුගිය කාලයේ ස්ථාන කිහිපයක මෙවැනි ගිලා බැසිම් වාර්තා විය.

 



අදහස් (0)

මාතලේ මහ වීදියේ මහ වළක්

යසවතී Wednesday, 22 January 2014 03:03 PM

ඔන්න බලන්න මාර්ගවල ප්‍රමිතිය බලාගන්න අවස්ථාවක් කොහොමද ගනකම තාර කට්ටේ.(නදී)

:       0       0

ධම්ම Wednesday, 22 January 2014 03:22 PM

මාතලේ පොළොව යට අභිරහස් බොහොමයි. පහුගිය දිනවල සමුහ මිනී වලකුත් හමුවුනේ. (නදී)

:       0       0

ගොන්ගාලේ ගොඩබණ්ඩා Wednesday, 22 January 2014 04:06 PM

මාතලේ උමංගඟක් ගඟක් තිබෙන බව ඉතිහාසේ ඉඳලම දන්නා දෙයක්. නමුත් මේක එහෙම එකක් නොවෙයි.මාතලේ නගර සභාවේ ඉංජිනේරුවෝ ඉදිකිරීම් කරන විදිහ ගැන හොද සාක්ෂියක් පමණයි.කවදාවත් පුටුවෙන් නැගිටලා ගිහින් කොන්ත්‍රාත්කාරය වැඩකරන විදිහ නොබලන නිසා ඔවැනි වලවල් තව ඕනෑතරම් ඇති. ඒත් ඉතින් කවුද ඕව ගැන හොයල බලන්නේ. ලස්සනට තිබුන මාතලේ නගරය ගැන හරිම දුකයි. පාරවල් කානු කාබාසිනියා වෙලා.(නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 23 January 2014 05:45 AM

මනුස්ස ජීවිතවලට දීල තිබෙන වටිනාකම. (අ)

:       0       0

චන්ද්‍ර Thursday, 23 January 2014 05:46 AM

මොරටුවේ පුරන් අප්පු සටන් වැදුනෙත් ඔහේ තම.(අ)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 22 January 2014 05:57 PM

ගොන්ගාලේ ගොඩ බංඩා එදා සටන් කළේ ඔය පලාතේ නේද? (නදී)

:       0       0

ඡායා Wednesday, 22 January 2014 06:29 PM

ගංගාවක් තියෙන්ඩ පුලුවන්.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Wednesday, 22 January 2014 07:19 PM

පරණ පොලිසිය ඉස්සරහා නේද? බලන්න මිනි ඇටකටු තියෙන්නත් පුළුවන්. (නදී)

:       0       0

කසුන් Wednesday, 22 January 2014 07:58 PM

මේ දවස්වල මාතලේ නගරය ප්‍රතිසංස්කරනය නිසා හරිම වාහන තද බදයක් තියෙන්නේ. පාර අයිනේ ගොඩනැගිලි කඩලා අලුතින් කානු කපනවා. එතකොට කොහොමත් ටෙලිකොම් එකේ වලවල් හම්බ වෙනවා.මෙකත් එහෙම එකක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site