IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාතලේ කැරැලිකරුවෝ කාණුවේ

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව දේශ මාමක ගොන්ගාලේගොඩ බණ්ඩා,වීර පුරන්අප්පු,,ඇතුළු වීරවරයන් පිරිස 1848 ජුලි මස 29 දින මාතලේ කැරැල්ල නමින් දේශීය ජන අරගලය ආරම්භ කළ ස්ථානය වන මාතලේ වාරියපොලවත්තේ සුදු ජාතිකයන්  විසින්ම ඉදිකළ ස්මාරකය අද වනවිට කුණු කාණුවකට යටකර දමා තිබේ .

මෙම ස්මාරකය ආරකෂා කිරීම කාගේත් වගකීමක් බව මධ්‍යමපළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා කියයි.

 වීර පුරන් අප්පු ඇතුළු පිරිස කඳවුරු බැදසිටි ගල්ගුහාව අද කැලෑවක් බවට පත්වී බේබද්දන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත .

 



අදහස් (0)

මාතලේ කැරැලිකරුවෝ කාණුවේ

ශාන් Tuesday, 07 January 2014 03:24 PM

අනේ අනේ පරණ ඒවා කන්නද ? ඔය ටික කඩල දාලා .රට පිරිසිදු කරන්න (දී)

:       0       0

ඔමරි Tuesday, 07 January 2014 03:24 PM

මේවා දකින කොට හිතට එන දේවල් ලියන්න බැහැ. කුණු කානුවක ස්මාරකය තියලා අපිරිසිඳු කිරීමෙන් වලකින්න කියලා බෝඩ් එකකුත් ගහලා, එක්කෝ මෙම ස්මාරකය උස්කරලා තනන්න ඕන, නැත්නම් වෙන තැනකවත් පිහිටුවන්න ඕනා.. තව ටිකකාලෙකින් අපේ රටට දෙයියන්ගේම පිහිටයි..(දිල්)

:       0       0

සේනක Tuesday, 07 January 2014 03:31 PM

කොයි තරම් තියෙනවද මෙවන්තන් ලංකාවේ කනගාටුයි (දී)

:       0       0

මහේන්ද්‍ර Tuesday, 07 January 2014 03:48 PM

මට මතකයි එකපාරක් ඕක ලංකාවටම පෙන්නුවා රුපවාහිනී වැඩසටහනක . (දී)

:       0       0

ෂිබ්ලි අනීස් Tuesday, 07 January 2014 04:11 PM

මෙම ස්ථානය ඉතාමත් වැදගත් ස්ථානයක් සේ මම පෞද්ගලිකවම හිතනවා.මීට අමතරව මෙම ගල් ගුහාව පිරිසිදු කර, පාසල් දූ දරුවන්ගේ ඉතිහාස ගත තොරතුරු සඳහා වැදගත් වන ස්ථානයක් බවට පත් කිරීම ඉතාම වැදගත්.නමුත් මෙම ස්ථානයට දැන්වීමක් දැමීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. ඉහත කී පරිදි මෙම ස්මාරකය උස් වේදීකාවක් මත පිහිටුවීම වැදගත්. (ස)

:       0       0

විජේසිංහ Tuesday, 07 January 2014 05:12 PM

දැන් කාඩ් බෝඩ් වීරයන් වැඩි වෙලා. ඒ නිසා නියම වීරයන් අපිට අමතක වෙලා (අ)

:       0       0

කුමාරි Tuesday, 07 January 2014 05:32 PM

අපේ මිනිසුන්ට කොයි දේක වුනත් මතකය වගේම වටිනාකම තියෙන්නෙත් ටික කාලයයි.නවතම දේවල් එක්ක අලුත් වේවි ඉන්න තමා දන්නේ. එකනේ දැන් තිස්වසරක යුද්දෙත් අමතක.වගකිව යුත්තෝ අහක බලන කොට අනෙක් ය ගැන කවර කතාද? (අ)

:       0       0

ග්‍රේෂන් Tuesday, 07 January 2014 06:20 PM

ශාන්, ඔයා හොඳ දොස්තර කෙනෙක් හම්බවෙලා බෙහෙත් ටිකක් ගත්තොත් නරකද ? (අ)

:       0       0

සියන් Thursday, 16 January 2014 01:23 PM

ඔන්න අලුත් කතාවක් (දී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Tuesday, 07 January 2014 12:34 PM

ඔතන අයිති මොන ප්‍රාදේශීය සභාවටද? (දී)

:       0       0

සමන් Tuesday, 07 January 2014 12:40 PM

ආසියාවේ අස්චර්යය කියන්නේ ඕකට.හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙට කියනවලුනෙ (දී)

:       0       0

හේරත් Wednesday, 08 January 2014 10:48 PM

ඔය හැම දේකම රැකවරණය ජාතියේ ඉතිහාසය මිස අන් කවරක්ද? අපේ ඉතිහාසය කොයිඹටද? (නදී)

:       0       0

සමන්ත Tuesday, 07 January 2014 01:21 PM

අනේ ඔය ගලට ඔහොම සලකනවාට වඩා හොදයි සුද්දෙක්ට විකුණන එක (දී)

:       0       0

ශෂීමාල් Tuesday, 07 January 2014 01:39 PM

රැකගත උතු ස්ථානයක්. (දී)

:       0       0

මදුක Tuesday, 07 January 2014 01:44 PM

කෝ අපේ පුරාවිද්‍යාව.? (ස)

:       0       0

එඩි දයාරත්න ඔස්ට්‍රලිය Tuesday, 07 January 2014 02:14 PM

මට ටිකක් අපැහැදිලියි වගේ (දී)

:       0       0

සමන්ති Wednesday, 08 January 2014 05:00 AM

නුගේගොඩ ජුබිලිකනුව පාරමැද ඇති ජුබිලි කනුව පෙරලා දැන්වීම් අලවන්නේ (දී)

:       0       0

ජයනාත් Tuesday, 07 January 2014 02:53 PM

හරිනම් මෙතන තමයි ආරක්ෂා කරන්න ඕනේ ,මොකද අපේ රට බෙරාගත්තු අතීත රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ට කරන උපහාරයක් විදිහට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site