IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාතර රුවන්වැල්ල ඝාතනයට දෙකක් සැකපිට

(ගයාන් සූරියආරච්චි )

මාතර,නාවිමන,රුවන්වැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  මාතර කැකණදුර  ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ක පුද්ගලයෙකු සහ මාතර තොටමුණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ක පුද්ගලයෙකි.

මාතර, නාවිමන, රුවන්වැල්ල ප්‍රදේශයේ දී ඉකුත් 15 වැනිදා පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එම ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ පුද්ගලයා සහ ඔත්තු බැලූ පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා  මාතර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

 

 

 



අදහස් (0)

මාතර රුවන්වැල්ල ඝාතනයට දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site