IMG-LOGO

මත්පැන් සමාගමකින් කෝටි 275 ක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති සැර මත්පැන් නිෂ්පාදන සමාගමක් සුරාබදු දෙපාර්තමේන්තුවට 2022 වර්ෂයේදී  රුපියල් කෝටි 275 ක පමණ බදු  මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම සමාගම මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන්නේ රුපියල් කෝටි 129 ක බදු මුදලක් සහ එම බදු මුදලට අදාළ කෝටි  145 ක ප්‍රමාද ගාස්තුය.

නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබු මෙම සැර මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට රුපියල් කෝටි දහයක  මුදලක් ගෙවීමට සහ  ඉතිරි මුදල වාරික 24කින් ගෙවීම සඳහා 2021 ජුනි ජුනි 23 දින ගිවිසුම් ගතව තිබිණ.

ඉන් මූලික ගෙවීම වාරික දෙකක් යටතේ ගෙවීමට අවස්ථාව සලසාදී  තිබූ අතර පළමු වාරිකය 2021 ජුනි 30 ගෙවීමට කටයුතු ආරම්භ කර තිබියදී අමාත්‍ය මණ්ඩල තීරණයක් මත නිෂ්පාදන නැවත අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

ඉන් අනතුරුව එහි නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට 2022 වර්ෂයේ අනුමැතියදී තිබූ  බව  වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් 55 දෙනකු එම දෙපාර්තමේන්තුවට ලක්ෂ 63 ක ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන  කාර්යාලය පවසයි.

ණය ගෙවීම පැහැර හැර ඇති මෙම පිරිසට මියගිය නිලධාරීහු අට දෙනෙක්ද සේවයෙන් පහකළ නිලධාරීහු දස  දෙනෙක්ද විශ්‍රාම ගිය නිලධාරීහු 19 දෙනෙක් සහ  වැඩ තහනමට ලක්වූ නිලධාරීහු 18 දෙනෙක්ද ඇතුළත් වෙති.

මියගිය නිලධාරියකුගෙන්  සහ විශ්‍රාම ගිය නිලධාරියකුගෙන් ලැබිය යුතු  රුපියල් හාර ලක්ෂයකට වැඩි මුදලක් වසර දෙක තුන අතර කාලයක සිට  හිඟව පැවතුණු  බව විගණන  නිලධාරීහු පවසති.

තවද සේවයෙන් පහකළ නිලධාරීන් පස්  දෙනෙකුගෙන් සහ වැඩ තහනමට ලක් වූ නිලධාරීන් දෙදෙනකුගෙන් රුපියල් හය ලක්ෂයකට වැඩි මුදලක් වසර 5 කට වැඩි කාලයක සිට හිඟව  පැවතුණු  බව  එම නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ තොරතුරු සඳහන් වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (4)

මත්පැන් සමාගමකින් කෝටි 275 ක පොල්ලක්

latha Monday, 19 June 2023 01:15 PM

අයියෝ කමක් නැහැ... ඔක්කොම පුද්ගලික අංශයේ සේවකයන්ගෙන් බදු අයකර ගන්න... ලේසිම වැඩේනේ...

:       0       7

Chathuranga Monday, 19 June 2023 01:36 PM

පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් හොරකම් කරන අයගේ නම් ගම් ජාතකේ එක්කම ප්‍රසිද්ධ කළාට මේ වගේ කෝටිගණන් හොරා කන දේශපාලුවන්ගේ ගජ මිතුරන්ගේ නම් ගම් එළියට දාන්න මේ සාධාරණ මාධ්‍යය කියා ගන්නා ආයතනවල ඉන්න අයත් බයයි. මොකද ඔය හොරුන්ගෙන් යැපෙන අය ඕවාගේත් ඉන්න නිසා..

:       0       18

Sunil Monday, 19 June 2023 03:59 PM

අහන්න දෙයක් නැහැ... අපේ මහ බැංකු හොරුන් ගෑවිලා ඇති...

:       0       7

මහසෙන් Tuesday, 20 June 2023 08:44 AM

ඇමති හොරාට ජය වේවා ! අපි ගෙවන්නම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 500 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 680 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 277 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site