IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මත්ද්‍රව්‍ය ⁣ගෙනයාමට පුහුණු කළ උකුස්සෙක් පොලිස් බාරයට ගනී

 

(කේ බුද්ධික කුමාරසිරි )
 
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණුකර යොදා ගත් බවට සැක කරන ”උකුස්සෙකු” මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරුගේ සමීපතමයකුට අයත් සත්ව ගොවිපලක  සිර කර සිටියදී පොලිස් බාරයට ගත්  බව අතුරුගිරිය පොලිසිය පවසයි.
 
බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත අතුරුගිරිය පොලිසියේ නිළධාරීන් හා එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම “උකුස්සා” සහ ගොවිපලෙහි සිටි සේවකයින් දෙදෙනෙකු ද වායු රයිෆලයක් ද සමගින් සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් දෙදෙනා පිළිබදව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිසිය පවසයි.
 
සත්ව ගොවිපලට ඇතුල්වීම තහනම් බවට පුවරුවක් යෙදු ගේට්ටුවක් සවිකර සුනඛයින් විශාල පිරිසක්  ගොවිපල වටා ආරක්ෂාව සදහා යොදා ගනිමින් පවත්වාගෙන ගොස් තිබූ බවද පොලිසිය පවසයි.
 
මෙම “උකුස්සා’‘ වෙනත් රටක සිට බෝට්ටුවක් මගින් මෙරටට ගෙන ආ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති බවත් ඒ පිළිබදව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරිෙයක් පැවසීය.
 
 “කුසඇලි මුහුදුකුස්සා” නමින් හදුන්වන මෙම උකුස්සා ශ්‍රී ලංකාවට ආවේණික සත්වයකු නොවන බවත් මෙම සත්වයින් කූඩුකර ඇතැදැඩි කිරීම නීතියෙන් තහනම් බවත් මෙවැනි වැඩුණු උකුස්සන්ට කිලෝ 15 පමණ බරක් ඕනෑම තැනකට රැගෙන යාමේ හැකියාව මෙන්ම එලෙස  පුහුණුකර හැකි පක්ෂීයෙකු බවද තම බාරයට ගත් උකුස්සා පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගන්නා බවද බත්තරමුල්ල වනජීවී හදිසි වැටලීම් ඒකකය පැවසීය .



අදහස් (4)

මත්ද්‍රව්‍ය ⁣ගෙනයාමට පුහුණු කළ උකුස්සෙක් පොලිස් බාරයට ගනී

rayantha Friday, 31 July 2020 12:49 AM

සොරකම් කිරීමට පුහුණු කළහැකි කපුටන් රාශියක්ද එහි සිටින අතර පොලිස් කණ්ඩායම් යාමේදී ඔවුන් පැනගොස් ඇත...

:       0       19

සමිත සේනක අලුත්ගමගේ. Friday, 31 July 2020 01:35 AM

පාතාලයන්, කුඩ්ඩන් හා අපරාධකාරයින් අප සිතනවාට වඩා මොනතරම් දුරක් ගොස් තිබෙනවාද? මේවා සොයාගෙන වැටලීම් කරන සියලු දෙනාට අනේක වාරයක් ස්තුතියි...!!!

:       0       34

sam Friday, 31 July 2020 08:43 AM

මේ සතාවත් මරයිද දන්නේ නැහැ.

:       0       0

අතුල Friday, 31 July 2020 06:31 PM

රට වෙනස් කරන්න නම් අළුත් පක්ශයක් බලයට එන්නම ඕනේ.. මේ යන විදිහට රටේ අනාගතය අතිශය බියකරුයි. පල් හොරුන්, අපරාධකාරයින් බඩපිනුම් ගහන යුගයක්... 72ක් මෙයා ටිකෙන්ටික දළුලා වැඩී අද මහා රුක්ෂයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site