IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මැණික් සඟවා පැමිණි දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි

(ටී.කේ.ජී.කපිල )

රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක්  වටිනා මැණික් තොගයක් සිය සිරුරෙහි ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවා ගෙන  චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු  කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු  38 සහ 39 වයස් වල පසුවන මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකි .

මොවුන් දෙදෙනා ඊයේ (21) රාත්‍රී 10.20 ට චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව යන චීන ගුවන් සේවයේ සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙහිදී රේගු නිලධාරීවරුන්ට මොවුන් පිළිබද  ඇති වූ සැකය මත , මොවුන් දෙදෙනා පරීක්ෂා කිරීම් වලට ලක් කිරීමේදී මෙම මැණික් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ .

එම මැණික් අතර නිල් මැණික් 

( Blue Shaperar ) ,  පද්මරාග ( Padmaracha )

කිරින්චි ( Spinel ) , රතු කැට ( Ruby ) , කනක ( Crysobery ) , සැවරයිට් ( Tsavorite 

Garnet ) , වෛරෝඩි (  Cats Eye ) , චන්ද්‍රකාන්ත ( Moonstone ) , තෝරමල්ලි 

( Tourmaline ) සහ ආරනූල් ( Star Shaperar)

යන ප්‍රධාන මැණික් වර්ග වල කැරට් 756 ක් බරැති මැණික් කැට 390 ක් තිබුණි . ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

 

 



අදහස් (5)

මැණික් සඟවා පැමිණි දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි

amila Monday, 22 December 2025 09:37 AM

වැරදි කරන අය දෙමළ මුස්ලිම් උනාම තමයි ජාතිය ලියන්න මතක් වෙන්නේ නේ? ලංකාවේ මාධ්‍ය සධාචාරය තියන මාධ්‍ය කිහිපයෙන් එකක් වෙන ඔයාල එක නැතිකරගන්න එපා.

:       15       20

fairoosMonday, 22 December 2025 12:25 PM

කියලා වැඩක් නෑ සහෝදරයා...

:       4       10

Hemantha Monday, 22 December 2025 12:12 PM

කතා කරන්න ගියාම හරි සුද්ද වන්තයි. කරන හරියක් මගඩි කරන්නේ එයාලා තමයි.

:       7       9

Jayasekara Monday, 22 December 2025 12:47 PM

මාරයා අස්සේ හැංගුවානම්... පැය 08ක් විතර ගුවන් ගමනේ නොකා නොබී තමයි ඉන්න වෙන්නේ...

:       0       6

Sabri Monday, 22 December 2025 03:59 PM

ශ්‍රී ලංකාවේ පුරවැසියන් දෙදෙනෙක් කියලා කිව්වම ඒක ඇති. ජාතිය ආගම කුළ මල ගෝත්‍ර සදහන් කිරීම අවශ්‍ය නොවේ.

:       4       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site