IMG-LOGO

"මඩ ගැහුවට නායකයා ඉවත් කරන්න බෑ"

තම පක්‍ෂය තුළ කිසිඳු බෙදීමක් නැති බවත්, අවලාද නැගීමෙන් හෝ මඩ ප‍්‍රහාරවලින් ජනතා විමුක්ති පෙරමුණේ ගමන නැවැත්විය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (08) පක්‍ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගමින් එක්තරා සතිඅන්ත පුවත්පතක පළ කර ඇති කරුණු සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් හා දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.   



අදහස් (0)

"මඩ ගැහුවට නායකයා ඉවත් කරන්න බෑ"

බුද්ධික Monday, 09 May 2016 02:16 AM

අනේ! ජේවීපී එක ඒගොල්ලන්ගෙ දැනුමේ හැටියට වැඩ කළා. හරි උගත් බුද්ධිමත් කට්ටියක්. (නි)

:       0       0

ජගත්‍චන්ද්‍ර Monday, 09 May 2016 02:15 AM

අනේ! අපි නොදන්නා ඔබතුමන්ලාගේ කතා? (නි)

:       0       0

ගම්පොළගෙදර Monday, 09 May 2016 02:53 AM

ජවිපෙ කුමන හෝ සාමාජිකයෙකුගේ විනයවිරෝධී ක්‍රියාවක් පක්ෂයට දැනගැනීමට යන්නේ ඉතා සුළු වෙලාවයි. මාධ්‍යයට බොහෝ අභ්‍යන්තර දේ වාර්තා වෙන්නේ නැහැ. එසේවුවත් වන්නේ ඉතා විශාල කාලයකට පසුයි. ඒ වනවිට පක්ෂය ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන අවසන්. ජවිපෙ යනු කාණ්ඩයක් ලෙස ක්‍රියාකරන සංවිධානයක්. කුමන හෝ සාමාජිකයෙකුගේ විනයවිරෝධී ක්‍රියාවකට අවශ්‍යය තීන්දු ගන්න පක්ෂය පසුබට නොවන බව ඇතිතරම් ඔප්පු කර තිබෙනවා. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 09 May 2016 02:57 AM

ශෂික,ඔයාගේ අවබෝධයේ තරම ඔයාගේ ප්‍රකාශයෙන් තේරෙනවා. ජවිපෙ කරන කාර්යයභාරය යම් ප්‍රමාණයක හෝ මොළයක් තියෙන අයෙකුට වුණත් තේරෙනවා (නි)

:       0       0

චන්දි Monday, 09 May 2016 03:05 AM

සේනක, ඕනෑම නායකයෙකු නියමිත වයසකදී දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතුයි යන කාරණය හොඳින් තහවුරු කළ තවත් කෙනෙක් තමයි සෝමවංශ අමරසිංහ. ජගත්චන්ද්‍ර, සමහරවිට ඔබ හරි. (නි)

:       0       0

ප්‍රියා Monday, 09 May 2016 03:07 AM

වාසියට හොරුන්ට කඩේ යන කවරෙකුගේ වුවද බොරුවට එතරම් ආයුෂ නැහැ (නි)

:       0       0

ප්‍රියා Monday, 09 May 2016 03:12 AM

ජවිපෙ අභියෝගය බාරගෙන මුහුණට මුහුණ සංවාදයකට ඇවිල්ලා ඔය කියන දේවල් ඔප්පු කරලා පෙන්නන එකයි හොඳ. නැත්නම් ඉතින් අපිට වෙන වෙන දේවල් හිතන්න වෙනවා. (නි)

:       0       0

ලියනගේ Sunday, 08 May 2016 10:44 AM

අපිට නම් දැන් ජවිපෙ ගැන තිබුණ විශ්වාසය නැතිවෙලා (නි)

:       0       0

දමිත් Monday, 09 May 2016 04:06 AM

ජ.වි.පෙ ට බැනපු කිසි කෙනෙක් ජ.වි.පෙ මොන වගේ පක්ෂයක්ද කියල දන්නේ නෑ.. දන්නවා නම් ඔහොම කියන්නේ නෑ.. දැකලා කිසි දෙයක් තීරණය කරන්න එපා සහෝදරවරුනේ අත්විදලා බලල තීරණය කරන්න.. අර ටිල්වින් සහෝදරයා කිව්වා වගේ ඌරට අසුචි වලින් ගැහුවට වැඩක් නෑ මොකද ඌරෝ කන්නේ අසුචි නිසා... ඇතුලට ඇවිල්ලම බලන්න පක්ෂෙක තියන විනය. අන්න එක තමයි මේ රටට සේරටම කලින් ඕනේ. (බ)

:       0       0

අස්රුල් Sunday, 08 May 2016 11:00 AM

රතු අලියට මේ මොකද වුණේ? (නි)

:       0       0

පියල් Sunday, 08 May 2016 11:26 AM

ජවිපෙ කලබල වියයුතු නැහැ. මඩ හඳුනන්න ජනතාව දන්නවා. හොරු එළිකිරීම නවත්වන්න එපා. (නි)

:       0       0

සරත් Sunday, 08 May 2016 11:56 AM

ඕකනේ ඉතින් ඔයලා හැමදාම කියන්නේ (නි)

:       0       0

පියුමාල් Sunday, 08 May 2016 12:10 PM

මඩ ගැහුවට සැළෙන්න එපා. ඉදිරියටම යන්න (නි)

:       0       0

බණ්ඩාර Monday, 09 May 2016 05:00 AM

මඩ ගහලා වට්ටන්න බෑ වෙඩි උණ්ඩවලින් නවත්වන්න බැරිවුණ පක්ෂය වෙන ඒවාට නවත්වන්න පුළුවන්ද? (බ)

:       0       0

බිමල් Monday, 09 May 2016 05:02 AM

ජවිපෙ කාටවත් මඩ නොගසයි, ඔව්න් ඇත්ත ඇතිසැටියෙන් කෙලින් කියන පිරිසකි . ප්‍රධාන පක්ෂ දෙකෙහිම වංචා දුෂණ එලි කිරීම වරදක් ලෙස මම කිසිවිට නොදකිමි. (බ)

:       0       0

පද්මිණී Monday, 09 May 2016 05:03 AM

මේ පිරිස නිසා තමයි රටට ඇත්ත හෙළිවන්නේ . ඉදිරියටම යන්න. (බ)

:       0       0

චන්දි Monday, 09 May 2016 11:45 AM

සේනක? කොහෙද යන්නේ ,මල්ලේ හොරපොල්! සෝමවංශ විශ්‍රාම ගත යුතුයි කියල කිවා මිසක් විශ්‍රාම ගත්ත කියල කිව්වේ නැහැනේද? ඔහුගේ දැන් හැසිරීම දැක්කහම සෑම නායකයෙකුම නියමිත වයසකදී දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතුයි යන කාරණය හොඳින් තහවුරු කළ තවත් කෙනෙක් තමයි සෝමවංශ අමරසිංහ කියලයි කීවේ. (අ)

:       0       0

ජයරත්න Monday, 09 May 2016 05:14 AM

මඩ ගහල පක්ෂ නායකත්වය වෙනස් කරන්න බැහැ කිව්වට මඩ ගහල රටේ නායකත්වයත් වෙනස් කළානෙ. ඒ කරපු චෝදනාත් එකක්වත් ඔප්පු කරගන්න බැරි වුනානෙ. ඕව දිට්ඨ ධම්ම වේදනීය කර්ම. (බ)

:       0       0

ප්‍රියා Monday, 09 May 2016 11:46 AM

මේ හොරුන්ට හොරු කියන එක වෙන්න ඇති මේ මඩ ගහනව කියල කිව්වේ. (අ)

:       0       0

ඇන්ජලෝ Sunday, 08 May 2016 01:22 PM

අද ලංකාවේ මඩගහන එක විලාසිතාවක් වෙලා (නි)

:       0       0

රොමේෂ් Sunday, 08 May 2016 01:24 PM

මඩක්වත් හරියට ගහගන්න බැරිතරමට අද සමහරු බංකොලොත් වෙලා. මඩ ප්‍රතික්ෂේප කරන ලංකාදීපයට ප්‍රණාමය..! (නි)

:       0       0

උපාලි Sunday, 08 May 2016 01:38 PM

අපටත් ආරංචියි. සමහරු ජ.වි.පෙ. ට මඩගැසීමේ ව්‍යාපාරයක් කරගෙන යන බව. අපි ඔබේ දේශපාලන මතවාද වලට එකඟ නොවුණත් ඔබට හෝ කවර පක්ෂ නායකයෙකුට හෝ මඩ ගහනවට විරුද්ධයි. (නි)

:       0       0

ශශිකා Sunday, 08 May 2016 02:31 PM

අපොයි! ඔයාලව ඉවත් කළත් නොකළත් රටට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔය කාගෙ කාගේත් කයිය විතරයි කියලා අපි නම් තේරුම් අරගෙන ඉන්නේ (නි)

:       0       0

සිරි Monday, 09 May 2016 06:08 AM

අපි නොහදුන ජේවීපී අනුන්ට ගහන මඩ තමා වටේ ඇවිත් දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්ම (බ)

:       0       0

ගාමිණී Monday, 09 May 2016 06:09 AM

ජනතාව හැමදාම බොරුවෙන් රවට්ටන්න බැහැ (බ)

:       0       0

සේනක Sunday, 08 May 2016 02:47 PM

සෝමවංස අමරසිංහ ඒ පරිණත නායකයා පක්ෂයෙන් යන්න දවස් කිහිපයකට කලිනුත් මේ කතාවම තමයි කිවුවේ. මොකද වුණේ? (නි)

:       0       0

සේනක Monday, 09 May 2016 12:55 PM

දිරාපත් නොවන්නාවූ ද විරූපී නොවන්නාවුද චන්දි ලියන්නා කෙලෙසක මොනවා ලීවද බලන්නා ට එය කියවා තේරුම් ගන්නට හිමි සිහි බුද්ධියක් ලබා දීමට හැකියාවක් නොමැති වීම කනගාටුවට ම කාරණාවක්‌ නොවන්නේද? (බ)

:       0       0

සේනක Monday, 09 May 2016 06:40 AM

චන්දි ටිකිරි කුමරියණි, සෝමවංස අමරසිංහ නම් වූ ඒ ශ්‍රේෂ්ඨ පරිණත සහෝදරයා දැන් ජනතා සේවක පක්ෂයේ නායකයා කියලා දන්නෙම නැද්ද? (ර)

:       0       0

දමිත් Monday, 09 May 2016 07:03 AM

කෝ ඉතින් හැමදාම කියනවා එදිරියට යනවා කියල අපටනම් පෙන් නැහැ ඉදිරියට යන බවක්. (ර)

:       0       0

වින්දික Sunday, 08 May 2016 05:14 PM

මෙන්න සැබෑ මානව හිතවාදීන්. ජයවේවා! (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 08 May 2016 05:58 PM

මඩ ගැහුවට නායකයා ඉවත්කරන්න බැහැ කිව්වා වගේ, මොවුන්ගේ මඩ වලටද වෙනත් පක්ෂ වල නායකයන් ඉවත් කිරීමට බැරිය. ජේ වී පි එක කරන්නෙත් අනිත් පක්ෂ වලට පුද්ගලයන්ට මඩ ගැසීමය. එසේ අනුන්ට මඩගසන අය මොකද ඔවුන්ට මඩ පාරක් වැදුනහම කලබල වෙන්නේ (නි)

:       0       0

වින්සන්ට් Sunday, 08 May 2016 06:18 PM

අදාළ ජනප්‍රිය පුවත්පත කළේ වරදක්ද? එසේත් නැත්නම් අනාවරණය කර ඇති කරුණු සත්‍යද? ජනතාව දෙලොවක් අතරය. ජ.වි. පෙරමුණද ජනතාවගේ විශ්වාසය කඩ නොකළ යුතුය. (නි)

:       0       0

සචිත් Sunday, 08 May 2016 06:19 PM

මම නම් කියන්නේ ලාල් මහතාට නැවත තැනක් දුන්නොත් හැරගිය සියල්ල නැවත එක්වෙන බවයි (නි)

:       0       0

සරත් හෙට්ටිආරච්චි පැරිස් Sunday, 08 May 2016 10:14 PM

දැන් නවත්වන්න ගමනක් තියෙන්න එපායැ මහත්තයෝ. ඔය කතාව ඔය විදිහටම කිවුව කීදෙනෙක් දැන් එළියේ ඉන්නවද? (නි)

:       0       0

රන්ජිත් Monday, 09 May 2016 12:32 AM

සත්‍යය පැහැදිලි කිරීම ඊට හොඳයි. නැත්නම් ජනතාව මුලාවෙනවා (නි)

:       0       0

දමිත් Tuesday, 10 May 2016 07:28 AM

අපේ ආචාරය වෙස් මුණු ගලවා සැබෑ මුණ පෙන්වා දුන් මාධ්‍යයට ස්තුතිය (ම)

:       0       0

බමුණු ආරච්චි Monday, 09 May 2016 01:08 AM

මඩ ගැහුවට නායකයා ඉවත් කරන්න බැරි, ඇයි නායකයා මඩ කාගෙනද ඉන්නේ. අනේ අපොයි! නායකයා කාටවත් මඩ ගහන්න ගිහින් මඩේ වැටුන හැටි. දැන් මඩ නාගෙන එන්නකෝ එහෙනම් (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Monday, 09 May 2016 01:29 AM

ඇත්තටම ඇයි ලොක්කා අයර්ලන්තයට ගියේ? අපි දැනුවත්ව එහෙ ලංකාවේ මිනිස්සු ඉන්නේ ඉතාම සීමිත පිරිසක්. පක්ෂ වැඩකටයුත්තක් බව හෝ පෞද්ගලික කටයුත්තක් බව කිසිම සඳහනක් නැහැ. අපි කවුරුත් මතක තියාගන්න ඕනෑ නිරපරාදේ මිනිසුන්ගේ චරිත ඝාතනයන් කළාම ඒවා පස්සෙන් එන බව (නි)

:       0       0

අජිත් Monday, 09 May 2016 01:46 AM

මෙයාලා මේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද? දැන් කරන්නේ රාජපක්ෂවරුන්ට බනින එකයි විතරයි. නායකයෝ කී දෙනෙක් පක්ෂය දාලා ගියාද? (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 09 May 2016 01:48 AM

ජ.වි.පෙ ඉන්නෙත් දැන හෝ නොදැන වැරදි සිදුවෙන මිනිසුන්නේ. එ්ත් සමාජය තුළ මෙවැනි දේ සංවාදයට ලක්වීම එම පෙරමුණේ පැවැත්මට හොඳ දෙයක් නොවෙයි. (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 09 May 2016 01:57 AM

මම හොඳ යූ.එන්.පී කාරයෙක්. එහෙත් ජවිපෙට නඟන චෝදනා ජනතාව තරයේ හෙළාදැකිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site