IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


මෙඩිසිනා - 'නර්ස්' , සල්සපුනා - 'රෝමා'

2016-05-12-ent-55
 

සමාජ විද්‍යා අංශයේ උපාධිධාරිනියක වන ඇය නමින් නිර්මලා නිශාන්ති අලූත්ගමය. නමුත් මේ දිනවල නම් වැඩි දෙනා ඇය හඳුන්වන්නේ ‘රෝමා’ සහ නර්ස් නෝනා යන චරිත වෙතිනි. විකාශය කෙරෙන සල්සපුනා හා මෙඩිසිනා නාට්‍ය නිර්මාණයන් වෙතින් එලෙස ඇය හමුවන්නීය. කථිකාචාර්යවරියක, රංගන ශිල්පිනියක වූයේ කෙසේද? නිර්මලා අද සැඳැල්ලට ඒ ගැන කියාවි.

 

2016-05-12-ent-56නිර්මලා ගම කොහෙද?

කුරුණෑගල.

 

පදිංචියත් එහිද?

දැන් අපි පදිංචිව සිටින්නෙ දෙල්ගොඩ.

 

අපි කිව්වෙ?

මම විවාහකයි. සැමියා ව්‍යාපාරික කටයුතු කරන අතරේ වෙළඳ කටයුතු කරන අතරේ වෙළඳ දැන්වීම් වලටත් පෙනී සිටිනවා. අප දෙදෙනාට දියණියක් ඉන්නවා.

 

ඔබගෙ පවුලේ විස්තර කිව්වොත්?

අම්මායි, තාත්තයි, අක්කලා තුන්දෙනයි. මම පවුලේ බාලයා.

 

ඉගෙන ගත්තෙත් රඟපෑම අරමුණු කරගෙනද?

රඟපෑම ගැන හිතුවෙ නැහැ. නමුත් කුඩා කාලයේ ඉඳලාම නර්තන අංශයේ ගුරුවරියක වීමේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. කැලණි සරසවියේ සිටියදී නර්තන අංශයට තිබුණු උනන්දුව නිසා අමතරව නාට්‍ය හා රංග කලාව ගැනත් ඉගෙන ගන්න උනන්දු වුණා. කැලණි සරසවියෙන් පිටවුණේ සමාජ විද්‍යා අංශයේ උපාධිධාරිනියක ලෙසයි. පසුව ඇක්වයිනාස් සරසවි අධ්‍යාපන ආයතනයේ ආරාධිත කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන්න පටන් ගත්තා.

 

ඔබ රඟපෑමට ආවේ?

රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක යන මහත්වරු මා හඳුනාගෙන සිටියා. ඒ හඳුනා ගැනීම සිදුවුණේ සුජාතා නාට්‍යය නිසයි. එහි සුජාතාගේ ළදරු අවධිය සඳහා එදා පෙනී සිටියේ මගේ සිඟිති දියණියයි. ඒ මහත්වරුන්ගේ දැන හඳුනා ගැනීම නිසාත්, රංගනය සහ කලාව කෙරෙහි සැමියා සහ මට ඇති උනන්දුව නිසාම වැඩමුළුවලට අපි දායක වුණා. රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක මහත්වරු මෙහෙය වූ වැඩමුළුවලට දායකවීම නිසාම පසු කලෙක ඔවුන්ගේ නිර්මාණවලට දායක වීමට අවකාශ ලැබුණා.

 

මුලින්ම දායක වුණේ?

දියණියෝ නාට්‍යයේ කටකාර යුවතියකගේ චරිතයක්. ඉන්පසුව කුටු කුටු මාමා නාට්‍යයේ ධර්මපි‍්‍රය ඩයස්ගේ දෙවැනි බිරිඳ ලෙස. කොහොම වුණත් මීට අවුරුදු දෙකකට විතර පෙරදී මුලින්ම පෙනී සිටියේ වෙළඳ දැන්වීම්වලටයි. "තැඹිලි ගෙඩියක් බීලාම යමු මාමා" දැන්වීම ඉන් එකක්. ටෙලිනාට්‍ය සඳහා මාවත විවර කර දුන් රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක මහතුන් දෙපළට විශේෂ ස්තුතිය පුදන්න ඕනෑ. ඒ වගේම ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් මහතා මෙන්ම සුසිල නිෂ්පාදන ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මිස් හඳුනා ගැනීමට හැකිවුණා. ඒ තුෂාරි අබේසේකර මිස් නිසයි. ඒ අනුව තුෂාරි මිස්ගෙ තිර රචනයට ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්‍ෂවරයා යටතේ සල්සපුනා නාට්‍යයට දායක වුණා. දැන්් සල්සපුනා අධ්‍යක්‍ෂණය කරන්නේ නාලන් මෙන්දිස් මහතායි. එතුමා හඳුනා ගැනීම සහ ඔහුගේ ගුරුහරුකම් ලැබීමත් මම ලද ලොකු වාසනාවක්.

 

කොහොමද ‘රෝමා’ට ලැබෙන ප‍්‍රතිචාර?

ඒ විදියේ චරිතයක් ලැබීම ගැන මට හරි සතුටුයි. අද ඒ චරිතය වෙතින් පිරිසක් මාව හඳුනා ගෙන සිටී නම්? ඒ සඳහා මාව නිතර උනන්දු කරවන මගේ සැමියාටත් විශේෂ ගෞරවය පුදන්න ඕනෑ.

 

නැටුම් ගුරුවරියක වීමේ සිහිනය අද නැද්ද?

ඇත්තමට එදා පාසල් ගොස් ගෙදර ආ විගස ඇඳුම් මාරු කරගෙන සිංදුවක් දාලා නටන්න පුරුදුවී සිටියා. සිංදු කියන්නත් දක්‍ෂ වුණා. ඒ සියල්ල නිසා තමයි අද මා මේ රංගන ක්‍ෂේත‍්‍රයේ නතරවී සිටින්නේ.

 

සල්සපුනා හැර මේ දිනවල ඔබ රඟපාන අනෙක් චරිත ගැන කිව්වොත්?

‘‘බොහිමියානුවා’’ නාට්‍යයේ රඟපාන්නේ නර්ස් නෝනා කෙනෙක් ලෙසයි. ඒ වගේම ‘මෙඩිසිනා’ නාට්‍යයේ රඟපාන්නෙත් නර්ස් නෝනා කෙනෙක් ලෙසයි. හැබැයි ඒ නර්ස් නෝනා කටකාර විහිළුකාර චරිතයක්.

 

මේ චරිත සියල්ලම හැර සැබෑවට ඔබ කවුද කියා විමසුවොත්?

හොඳ දේ දකින්න කැමති සරල සාමාන්‍ය කෙනෙක්. හැකි විදියට අනෙක් අයට උදව් කරන්නත් කැමතියි. මගේ වත්මන් ජීවිතයේ ගුරුවරයා මගේ සැමියායි. මගේ අරමුණ ජනපි‍්‍රයත්වය ලැබීම නෙවෙයි. දක්‍ෂ රංගන ශිල්පිනියක වීමයි. රංගනය ගැන ඉගෙන ගන්න හරිම ආසයි. සල්සපුනා නාට්‍යයේ දමිතා අක්කා මට හමුවූ පුදුම හොඳ මනුස්සකම ඇති කෙනෙක්. ඒ වගේම ඒ නාට්‍යයේ රෝහණ සර්, ජනක කුඹුකගේ ඇතුළු හැමෝගෙන්ම ලැබෙන සහයෝගය අගයන්නට ඕනෑ. මෙඩිසිනා සහ බොහිමියානුවා නාට්‍යවලදීත් ඒ විදියටම හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා.

 

ඡායාරූප / සටහන - සඳුන් ගමගේ

 

sandalla

 

2016-05-12-ent-57
2016-05-12-ent-58



අදහස් (0)

මෙඩිසිනා - 'නර්ස්' , සල්සපුනා - 'රෝමා'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 436 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site