IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මඩකලපු විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස්

(එෆ්.අස්ලම්)

මඩකලපුව කල්ලඩි පාලම අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය විසින් අද (27) රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස කොටස මඩකලපුව කල්වියන්කාඩු  හින්දු සුසාන භූමියෙන් ඉවත්කර ගන්නැයි බලකරමින් මඩකලපුව කල්ලඩි පාලම අසල පිරිසක් විරෝධතාවයක නිරතවූහ.

ත්‍රස්තවාදියෙකුගේ මළසිරුරක් හින්දු සුසාන භූමියක මිහිදන් කිරීමට ඉඩදිය නොහැකි බව පවසමින් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයේ නිරත වී ඇතැයි පොලිසිය කියයි.

අධිකරණමය ක්‍රියාදාමය ඔස්සේ පොලිසිය මෙම ගැටළුව නිරාකරණය කරන බව පවසා ඇතත් වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ප්‍රමුඛ පිරිස පොලිසියේ පොරොන්දුව ඉවත දමමින් කල්ලඩි පාලම අසල මාර්ගයේ විරෝධතාවය අඛණ්ඩව සිදුකර ඇතැයි ද පොලිසිය පැවැසීය.



අදහස් (8)

මඩකලපු විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස්

kule Tuesday, 27 August 2019 06:26 PM

බවුද්දයින්ගේ සුසාන භූමියක ඕනෑම ආගමිකයෙකුගේ මුර්ත දේහයක් බුහුමදානය කල හැකයි ඒ සැබෑ සංහිදියාව ඇත්තේ ඔවුන් ලග පමණක් නිසයි මේ විරෝදතාවයන් එයට කදිම පිළිතුරයි

:       0       18

BamunuarachchiThursday, 29 August 2019 06:32 AM

ඔබ ඔය කතා කරන සුසාන භුමිය තිබෙන්නේ කොහේද?. මුස්ලිම් සුසාන භූමියක බෞද්ධයෙක් හෝ ක්‍රිස්තියානි මිනියක් භූමදාන කරන්න ඉඩ දෙනවද? ක්‍රිස්තියානි සුසාන භූමියක වෙනත් ආගමිකයෙක් භූමදානය කරන්න ඉඩ දෙනවද? බෞද්ධ සුසාන භූමියක භූමදාන කරන්න ඉඩ දෙන්නේ නැත. කොහොමත් අන්‍ය ආගමික සුසාන භූමියක භූමදාන කරන්න කැමතිත් නැත. මේ හම්බ ඔලුව පස් යට කරලා තිබෙන්නේ පොලිසියෙන් වෙන්න ඕනේ...

:       0       0

සේන Tuesday, 27 August 2019 08:27 PM

අනාගන්නව කියන්නේ මේකටනෙ. ඔය තිරිසනාගෙ ඔළු කබල කව්රුත් නොදන්නා විදිහට පසට යට කළානම් ඉවරනෙ. පිරිබාහරන් කියන මස්වැද්දට කළා වගේ.

:       1       37

Bamunuarachchi Tuesday, 27 August 2019 11:41 PM

මේ ඉල්ලීම හරිම සාදාරනයි. මේ ත්‍රස්ත්යාගේ හිස මිනී මෝරුන්ට කෑමට මුහුදට දැමිය යුතුය.

:       3       49

Gihan Wednesday, 28 August 2019 12:43 AM

සාධාරණ විරෝධතාවයක්. ඇයි මුන්ගෙ සුසාන භූමි ඔය පැති වල ඕන තරම් තියෙනවනෙ. හිතා මතා කලබලයක් ඇති කරන්න කරපු වැඩක් ඒක.

:       22       53

Jaya Wednesday, 28 August 2019 12:58 AM

මුස්ලිම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාගේ ඔලුව දෙමල සුසාන බුමියක වළලලා හරියනවද? මේක තවත් ජාතියකට කරපු නින්දවක්නේ ! මේක මුස්ලිම් මිනිස්සුන්ට දැනෙන්නත් එක්ක වලලන්න ඕන ඔඋන්ගේම සුසාන බුමියක.

:       31       52

ananda Wednesday, 28 August 2019 03:17 AM

උතුරේ කට්ටියක් මිය ගිය ත්‍රස්තවාදීන්ට උපහාර තියනවා පහන් පත්තු කරනවා. මෙහෙ ත්‍රස්තවාදියකුගේ නිසා මිහිදන් කරන්න බැරිලු. මුස්ලිම් උනත් දෙමල උනත් ත්‍රස්තය ත්‍රස්තයාම තමයි මන්ත්‍රී තුමෝ.

:       73       166

Samrasingha Wednesday, 28 August 2019 10:34 AM

සාමාන්‍යයෙන් මුස්ලිම් මිනිස්සු තමන්ගේ මැරුණු මෘතදේහ මුස්ලිම් සුසාන භූමි හැර වෙන කොහේවත් භූමදානය කරන්නේ නැහැ. එයට ඔවුන් ඉතාම අකමැතියි. මෙහිදී මුස්ලිම් වියතුන්ගේ සංගමය තීරණයක් කරලා තිබුණු මෙම ත්‍රස්තවාදීන්ගේ සිරුරු මුස්ලිම් සුසාන භූමිවල භූමදානය කරන්නේ නැහැ කියලා... මොකද මේ ත්‍රස්තවාදීන් කරපු විනාශය නිසා? හැබැයි ඒ වගේම ඔය උද්ඝෝෂණය කරන අයම මැරුණු ත්‍රස්තවාදීන්ගේ සිරුරු තමන්ගේ සුසාන භූමිවල භූමදානය කරා පමණක් නොව ඔවුන්ව ජාතික වීරයන් හැටියට සලකා මහා විරු දින සැමරුම් පැවැත්වූවා. එහෙම බලනකොට ඔය මුස්ලිම් මිනිස්සු කරපු දේ හොඳයි කියලා හිතෙනවා.

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site