සුසිල නිෂ්පාදනයක් වූ "සල් සපූ නා" ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ෂනාලි වීරසිංහ මේ දිනවල කාගෙත් ආදරය දිනාගත් යොවුන් රංගන ශිල්පිනියකි. සතියේ දින පහ තුළම සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "සල් සපූ නා" ටෙලි නාට්‍යයේ "ආලියා" ලෙස ඔබ හමුවට එන ඇය වසර කිහිපයක් තිස්සේ වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක ලෙසද කටයුතු කර ඇත. "ආලියා" ලෙස සිය පළමු ටෙලි නාට්‍යය රංගනයට පිවිස ඇති ෂනාලි දැනට බොහෝ වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා ප්‍රමාණයකටද දායක වී තිබේ.
ඔව්, මීට කලින් මම වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනාවලට පෙනී ඉඳලා තියෙනවා. නමුත්, රංගන ශිල්පිනියක් විදිහට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ "සල් සපු නා" ටෙලි නාට්‍යය හරහා.
"ආලියා" කියන්නේ නම් අහිසංක චරිතයක්. ෂනාලිත් ඒ වගේද?
අපෝ නැහැ. "ආලියා" කියන්නේ අහිංසක, තැන්පත් චාම් ගතිපැවතුම් ඇති කෙනෙක්. නමුත්, ෂනාලි කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. චුට්ටක් ඇත්නම් තරහත් යනවා.
ෂනාලිට තාම අවුරුදු 19යි. කලා ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්නද කල්පනාව?
නැහැ. මට අවුරුදු 25ක් සපිරෙද්දිම මම කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. ඒක තමයි මගේ ඉලක්කය. දැන් මට අවුරුදු 19යි. තව අවුරුදු 6ක් ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න පුළුවන්. ඒ කාලය තුළ මා රංගනය පැත්තෙන් යන්න තියෙන සියලු ඉලක්කවලට යන්න බලාපොරොත්තු වෙනවා.
සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න ඔබට ආරාධනා ලැබුණොත්, ඔබ භාර ගන්නවාද?
අනිවාර්යෙන්ම භාරගන්නවා. මොකද, සිනමාවට සම්බන්ධ වෙනවා කියන්නෙ මගේ තවත් එක් හීනයක් තමයි. හැබැයි ලැබෙන ආරාධනය මට කරන්න පුළුවන් හොඳ චරිතයක් වෙන්න ඕනි.
ෂනාලිට උදව් කළේ කවුද?
අම්මා, තාත්තා, රොසෑන් ඩයස් මහත්මිය, "සල් සපූ නා" ටෙලි නාට්‍යය කණ්ඩායම. සුසිල නිෂ්පාදන ආයතනය වගේම "ආලියා" චරිතයට මාව තෝර ගත්තු තුෂාරි අබේසේකර අක්කවත්, ඇයගේ අම්මවත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කර සිටිනවා.
බුද්ධික සේනාධීර / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මට අවුරුදු 25ක් සපිරෙද්දිම මම කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා