IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මගේම Dancing Group එකක් පටන් ගන්න හදනවා

20160427-ent-09

වෘත්තීමය නර්තන ශිල්පිනියක වූ ඇය, නර්තනයට මෙන්ම මෝස්තර නිරූපණයටද ආදරයක් දක්වන්නීය. නමින් ඉසුරි කාංචනා වන ඇය මෙවර සාරවිට "Hot Story" අංගය සරසන්නීය. ඒ සමගම ඇයගේ වැඩකටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය.

 

20160427-ent-10කොහොමද ඉසුරි මේ දවස්වල වැඩ කටයුතු?

මේ දවස්වල මගේම කියලා Dancing Group එකක් පටන් ගන්න හදනවා. ඒකට අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. ඒ එක්කම තමයි Modeling කරන්නෙත්.

 

ඇයි තමන්ගෙම කියලා Dancing Group පටන් ගන්න හිතුවේ?

මගේම කියලා වෘත්තීයක් තියන එක හොඳයිනේ.

 

Dancing Group එක පටන් ගත්තට පස්සේ කරන්න නිරූපණය සඳහා වෙලාවක් ලැබෙයිද?

වෙන කෙනෙක් යටතේ ඉන්නවට වැඩිය මගේම කියල දෙයක් තියනකොට මට හැමදේම සමබරව කරගන්න පුළුවන්. Dancing Group එක පටන් ගත්තාම මට හිතෙනවා මගෙ නිරූපණ වැඩ කටයුතුවලට මම නිදහස් කියලා.

 

දිගටම වෘත්තීයේ ඉන්නවාද?

අනිවාර්යයෙන්ම ඔව්. නර්තනය වගේම නිරූපණ කටයුතුත් කරගෙන ඉදිරියට යනවා. දැනට ලැබිලා තියන ආරාධනා සහ ලැබෙන ආරාධනා බාරගෙන ඉදිරි වැඩ කටයුතු කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

 

මේ වෙනකොට ලැබුණ ආරාධනාත් එක්ක රංගනයෙන් දායක වෙලා තියනවද?

ඔව්. යුරේනි නොශිකාගේ සාරි පොටේ Music Video එකට රංගනෙයෙන් දායක වෙලා තියනවා. තව Music Video දෙක තුනක්ම ඉදිරියේදී නිකුත් වෙන්න තියනවා.

 

මේ ක්ෂේත්‍රයට එන්න උදව් කළ අය කවුද?

මුලින්ම මගේ අම්මව තාත්තව මතක් කරන්න ඕනේ. ඒ දෙන්න මගේ මේ ගමනට ගොඩක් උදව් කරනවා. ඊට පස්සේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ නිලූක චාමන්. පොඩි කාලෙ ඉඳලා මගේ හොඳම යාළුවා. එයත් කරන්නෙ Dancing. එයා තමයි සහෝදරයෙක් වගේ මගේ හැම දේකටම උදව් කරන්නේ. මගේ නිරූපණ වැඩ කටයුතුවලටත් ළඟින්ම ඉඳන් ගොඩක් උදව් කරනවා. ඒ නිසා එයාව විශේෂයෙන් මතක් කරන්න ඔනේ වගේම, ස්තූති කරන්න ඕනේ. ඒ වගේම මගේ මුල්ම නර්තන ගුරුතුමිය ප්‍රසාදි රණසිංහ. එතුමියටත් ස්තූති කරන්න ඕනේ. එතුමිය නිසා තමයි මම අද නර්තනයෙන් ඉහළ තැනක ඉන්නේ. තව මට නර්තනය කියලා දෙන ගයාන් ශ්‍රීමාල් ගුරුතුමා සහ සංඛ අබේසිංහ ගුරුතුමාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මගේ මේ ගමනට උදව් කළ නම් නොකියපු හැමෝටම මම ස්තූති කරනවා.

 

සටහන / ඡායාරූප - ඉෂාන් සංජීව

 

20160427-ent-01
20160427-ent-02
20160427-ent-03
20160427-ent-04
20160427-ent-05
20160427-ent-06
20160427-ent-07
20160427-ent-11

 



අදහස් (0)

මගේම Dancing Group එකක් පටන් ගන්න හදනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site