IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගේ පෙත්සම සළකා බැලීම හෙට

 


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ සංශෝධන රිට් පෙත්සම හෙට  ( 24) සලකා බැලීමට අභියාචනාධිකරණය අද ( 23) දින නියම කළේය.
 
මෙම පෙත්සම අද (23) අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
 
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ මීට පෙර මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ගොනු කළ පෙත්සමේ ශීර්ෂය සහ ඇතැම් කොටස් සංශෝධනය කරමින් නව පෙත්සමක් ගොනු කර ඇති බවය.
 
එය අධිකරණයේ අනුමැතියකින් තොරව ඉදිරිපත් කළ සංශෝධිත පෙත්සමක් බවත් , මෙම සංශෝධිත පෙත්සමට අදාළ ලේඛන තමාට නිසි පරිදි ලැබී නොමැති බවද  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ වැඩිදුරටත්  කියා සිටියේය.
 
නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණ නියමිත ක්‍රමවේදය අනුගමනය කර අද (23) සවස 4ට පෙර සංශෝධිත පෙත්සමක් ගොනු කරන ලෙස පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට නියම කෙරිණි.
 
ඒ අනුව එම සංශෝධිත පෙත්සම හෙට  (24) සලකා බැලීමට දින නියම කෙරිණි.
 
තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඞ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කරනු ලැබ සිටිති.
 
පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සිය පෙත්සමින් කියා සිටින්නේ මිගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඞ් භාරයට පත්කර තිබූ රැඳවියෙකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගෙන තමන්ව ඉකුත් මැයි මස 27 වන දා කළුතර බන්ධනාගාරයටත් ඉන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙතත් මාරු කිරීමට පියවර ගැනුණු බවත් , ඉන්පසුව වැඩතහනමට ලක් වූ බවය.



අදහස් (1)

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගේ පෙත්සම සළකා බැලීම හෙට

Perera Thursday, 23 July 2020 06:53 PM

තීන්දුව හිතාගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site