IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මේක තුන්කොන් ආදර කතාවක්

20160317-ent-17

නිරූපණය ක්ෂේත්‍රය තුළ වර්තමානයේ ජනප්‍රියව සිටින මෝස්තර නිරූපිකාවන් අතළොස්ස අතරේ ටීනා ෂනාලී ප්‍රනාන්දු ඉදිරියෙන්ම සිටින්නීය. මෝස්තර නිරූපිකාවකට අමතරව වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිනියක හා ගීත රූප රචන සඳහා පෙනී සිටින්නියක ලෙසද කටයුතු කරමින් සිටින ටීනා, ඉදිරියේදී ලාංකේය සිනමාවටද එක්වීමේ සූදානමකින් සිටියි. ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇය මෙලෙස "සාරවිට" සමග දොඩමළු වූවාය.

"ගිය අවුරුද්දෙ තුර්කියේ තිබුණ "ඉන්ටර්නැෂනල් ග්ලෝබි" රූප රාජිනි තරගයට සම්බන්ධ වීමත් සමග ලංකාවේ බොහෝ පිරිසක් මාව හඳුන ගත්තා. ඒ හඳුනා ගැනීම හරහා තමයි මට "දේදුනු ආකාසේ" චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අඩිතාලම සැකසුණේ. "දේදුනු ආකාසේ" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියන්ත කොළඹගේ. තුන්කොන් ආදර කතාවක් තමයි මෙහි අන්තර්ගතය වෙලා තියෙන්නේ. මා සමගින් හේමාල් රණසිංහ හා 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරූළ දිනු චුලක්ෂි රණතුංග ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. මේ මගේ පළමු සිනමා රංගනය වීම නිසා මේ චිත්‍රපටය මට විශේෂ එකක්. මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කලින් ටෙලිනාට්‍යය වලට එකතු වෙන්න කියලා මට ගොඩක් ආරාධනා ලැබුණා. නමුත්, ඒ පැත්තට යොමු වෙන්න මගේ කැමැත්තක් තිබුණේ නෑ. මගේ ආසාව වෙලා තිබුණෙ කවදහරි රංගනයට පැත්තට යොමු වෙනවා නම් ඒ චිත්‍රපටයකින් පමණයි කියලා. ඒ හීනේ දැන් සෑබැ වෙලා තියෙනවා. ඉතින් දැන් මගේ ලොකුම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ මෙහි වැඩ කටයුතු අවසන් වෙලා චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න කවදාද කියන එක තමයි."

 

බුද්ධික සේනාධීර /  ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු 


20160317-ent-06
20160317-ent-07
20160317-ent-08
20160317-ent-09
20160317-ent-10
20160317-ent-11
20160317-ent-12
20160317-ent-13
20160317-ent-14
20160317-ent-15
20160317-ent-18
20160317-ent-19
20160317-ent-20
20160317-ent-21

 



අදහස් (0)

මේක තුන්කොන් ආදර කතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site