IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


භාවපූර්ණ ගාන්ධර්වයාණන් හඬ අවදි කරයි

2016-04-12-ent-79

භාවපූර්ණ ගීත රැසක් ගායනා කරන ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා, සිය හඬ පෞරුෂය එක් කළ අලුත් ගීතයක් මේ දිනවල පටිගත කිරීම් කටයුතුවල නිරත වෙමින් සිටියි. ඒ පිළිබඳව මෙන්ම ඉදිරි කලා කටයුතු සම්බන්ධයෙන් "සාරවිට" සමගින් කළ හෘදයාංගම සටහනක්.

 

මේ දවස්වල නව නිර්මාණකරුවන් සමග කටයුතු කරනු දැකගන්න ලැබෙනවා?

මම නව ගීත රචකයන් සමග ගීත කිහිපයක්ම ගායනා කළා. නව සීඩි පටයක් කරන්න කාලය හරි කියලා මම හිතනවා. සීඩී පට තුනකට පමණ ගීත ගායනා කර තිබෙනවා. මම නව නිර්මාණකරුවන්ට අත දීලා තියෙනවා. මගේම ගී තැටියක සංගීතය කරන්න ලබා දීලා තියෙනවා. ඒ තුළින් ඒ ගී තැටිය කරන පුද්ගලයාට විශාල ආලෝකයක් ලැබෙනවා. ගායකයෙක් කරන්නෙ නැති දේවල් කරලා තියෙනවා. සමහර ගායකයන් තනි ගීත රචකයෙකුට හෝ සංගීතඥයෙකුට ලබා දෙන්නේ නැහැ. දර්ශන රුවන් දිසානායක වැනි අයට මම ඉඩ ලබාදී තිබෙනවා. හොඳ ආලෝකයක් ලැබිලා තියෙනවා.

මම ඒ ගීත ගායනා කළෙ ඔවුන්ගේ සුබසිද්ධිය සඳහාම පමණයි.

 

වර්තමාන ගීත කලාවට එකතුවන පද රචනා ගැන අදහස?

පද රචනා කරන රචකයන් අවශ්‍ය ප්‍රමාණයට වඩා අහංකාර විය යුතු නැහැ. පැරණි දැවැන්තයන් කිහිප දෙනෙක් හිතාගන්න බැරි කුහකත්වයකින් අද මේ දෙස බලන්නේ. මේ තරම් අලංකාර පද රචනා ලියපු රචකයන් තුළ මෙතරම් කුහකත්වයක් ආවේ කොහොමද කියලා හිතා ගන්නවත් බැහැ. උසාවි ගාණේ රස්තියාදු වෙමින් විසඳා ගැනීමට අවශ්‍ය දෙයක් නෙමෙයි. මම සමග හිතවත්ව ගීත රචනා කර කෙනෙක් මගේ ගීතයක් සම්බන්ධ නව මගට යොමුවෙලා. මට හරි කලකිරීමක් ආවා. මෙවැනි කටයුතු නිසා ගීත ගායනා නොකරම හිටියා කාලයක්. ගීත රචකයෝ කරන අකටයුත්ත ගයන ගායකයා ගැන සංගීතඥයා ගැන කිසිම තැකීමක් නෑ.

අපි කිසියම් දෙයක් ප්‍රගුණ කර හොඳ පෞරුෂයක් හදා ගන්න වසර ගණනක් මහන්සි වී රාගධාරී සංගීතය, බටහිර සංගීතය හදාරලා ගීතයකට කටහඬින් වචනාර්ථය නවගීත රචකයන්ට මේ මාස දෙක තුළ ගීත හැත්තෑවක් පමණ ගායනා කළා. ගීත රචකයන් පමණ ඉක්මවා යුතු නැහැ. අහංකාර විය යුතු නැහැ. ගීත රචනාව අතික්‍රමණය කරලා ගායකයා ගායනා කළ යුතුයි. ගායකයාගේ හඬ මාධූර්යයට මුල්තැන දෙන්නේ. වචනයට හැකි දුර කොතැනද එතැන සංගීතයේ ආරම්භයයි.

 



අදහස් (0)

භාවපූර්ණ ගාන්ධර්වයාණන් හඬ අවදි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site