IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බී.ඕ.අයි මහපුටු පෙරළෙයි

(අජන්ත කුමාර අගලකඩ  සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වි ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත ඊයේ (2) යවා ඇතැයි වාර්තා වෙයි.

සභාපති සංජය මොහොට්ටාල අධ්‍යක්ෂ  මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ සුබසිංහ, ආචාර්ය හර්ෂ කබ්රාල් සංජය කුලතුංග සහ ජෙයමින් පැල්පොළ  යන මහත්වරුන්  මෙසේ සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.

මේ අතර ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතා ද ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා ඉහළ  වැටුප් තල යටතේ නිලධාරීන් රැසක් බඳවා ගෙන ඇති බවට සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් එම බඳවා ගැනීම් කර  ඇති බවට  ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ද පසුගියදා චෝදනා එල්ල විය .

මෙ අතර, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරෝධය පළ කරමින් එහි සේවකයන් අතිබහුතරයක් ජනාධිපතිවරයාට බාරදිම සඳහා පෙත්සමක්ද අත්සන් කළ  අතර, ආයෝජන මණ්ඩලයේ සේවකයන් 1100ක පමණ  පිරිසෙන්  අටසිය පනස් දෙනකු පමණ ඊයේ (2) වන විට ඊට අත්සන් තබා ඇතැයිද වාර්තා වේ .



අදහස් (5)

බී.ඕ.අයි මහපුටු පෙරළෙයි

ජගත් ලියනගේ Thursday, 02 December 2021 06:33 PM

තවත් නාට්‍ය සංදර්ශනයක් වත්ද?

:       0       0

Prase Thursday, 02 December 2021 10:47 PM

අස්වෙනකොට පඩි අරගෙන ඉවරයි. කෝ නීතිය? අස්වුණාම ඔක්කොම නිදහස්... මේ කාලකණ්ණි හිරේට දානකම් ජනතාව බලන් ඉන්නේ..

:       0       1

sg Thursday, 02 December 2021 11:59 PM

ගොඩක් හොඳයි.. රජයට ඕනෑ මේවා නිවැරැදි කරන්නයි.

:       0       0

Asanka Friday, 03 December 2021 11:27 AM

ලංකාවේ තිබෙන හොඳම හොරගුහාවේ හොර එළි කළාම මේ අය බලය පෙන්නන එකට ඉල්ලා අස්වෙනවා. හම ගහන්න ඕනෑ මේ වගේ උගත් හොරු... චීනේ වුණා නම් මෙලහට පෝලිම් ගස්සලා වෙඩි තියලා..

:       1       9

sampath Sunday, 05 December 2021 10:25 PM

මේ අය සමීප හිතවතුන් නිසා මොනවත් වෙන්නේ නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 572 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site