IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බොහෝ දෙනා හඳුනන 'අනගි' නොහොත් 'තනාශා'

2016-05-10-ent-15

තනාශා සතරසිංහව බොහෝ දෙනා හඳුනන්නේ "අනගි" ලෙසයි. නිරූපණයෙන් ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වූ අතර, මේ දිනවල සිනමා ක්ෂේත්‍රයට ඇය පා තබා තිබේ. ඇයගේ කටයුතු පිළිබඳ අපත් සමග මෙසේ පැවසීය.

 

2016-05-10-ent-18මේ දවස් වල හරි කාර්යය බහුලයි නේද?

ඔව් ටිකක් විතර, මොකද පෙරේදා කරා ශිහාන් මිහිරංගගේ අලුත් සිංදුවක්. තව නිරූපණ වැඩ කටයුතු ටිකක් කරා. තව %පුංචි වීරයෝ^ කියලා චිත්‍රපටයක් කරා. මේ වැඩකටයුතුත් සමග තමයි කාලය ගත කලේ.

 

චිත්‍රපටය ගැන පිළිබඳව කතා කලොත්?

මේ මගේ තුන්වැනි චිත්‍රපටය. චන්න පෙරේරා අයියාගේ චිත්‍රපයක්. රඹුක්කන තමයි මෙහි රූගත කිරීම් කටයුතු තිබ්බේ. පොඩි ළමුන්ගේ කතාවක්.

 

ක්ෂේත්‍රය අවතීර්ණ වු කාලය ගැන මතක් කලොත්?

දැනට අවුරුදු දෙකහාමාරක් වෙනවා.

 

කොහොමද ක්ෂේත්‍රයේ අත්දැකීම?

ඇත්තටම කිව්වොත් අවුරුදු දෙකහාමාර ඇතුලත මම චිත්‍රපට තුනක් සඳහා දායක වෙලා තියෙනවා. මගේ පළවෙනි චිත්‍රපටය වන %රන් දේදුන්නක්^ එන්න තියෙනවා ඔක්තෝම්බර් මාසයේ. ඉතිං ගොඩක් සතුටයි මෙවැනි තත්ත්වයක් සඳහා එන්න ලැබිච්ච එක ගැන.

 

ක්ෂේත්‍රයේ අවතීර්ණය ගැන මතක් කලොත්?

නිරූපණ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ මම සැලොන් එකක් මගින්. මාව දැකලා Bridal Show එකකට ඉස්සෙල්ලා ඇන්දා. එතනින් තමයි නිරූපණයට ආවේ.

 

බොහෝ දෙනා ඔබව හඳුනන්නේ "අනගි" නිසා නේද?

ඔව්. ගොඩක් දෙනා මාව දැනගත්තේ කොමර්ෂල් බැංකුවේ "අනගි" වෙළෙඳ දැන්වීම හරහායි.

 

ක්ෂේත්‍රයේ තරගකාරිත්වය වැඩි නැද්ද?

කවුරුත් අතර තරගයක් තියෙන්නේ නැහැ තමන් හරියට තමන්ගේ දේ කරා නම්.

 

යම් කිසි හැදෑරීමක් මතද නිරූපණයට ආවේ?

ඔව්, මම රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව හැදෑරීමක් කරා. රංගනය ගැන නම් දැනුත් හදාරනවා. මම ඉස්සරහට තවත් බලාපොරොත්තු වෙනවා රංගනයට පිළිබඳව තවත් හදාරන්න.

 

ප්‍රවීණයන් බොහෝ දෙනා කියනවානේ වේදිකාවෙන් එන අයට රංගනයෙන් ඉදිරියට යෑමට අවස්ථාවක් තියෙනවා කියලා?

මම දකින්නේ ඒ කියන දේ ඇත්තක් තියෙනවා. මොකද වේදිකාවෙන් එන අය ගොඩාක් දක්ෂයෝ. වේදිකාව තමයි රංගනයට එන්න හොඳම තැන.

 

වේදිකාව සඳහා දායක වෙන්නේ අදහසක් තියෙනවාද?

කවදා හරි දවසක හොඳ දෙයකට කතා කලොත් දායක වෙන්න අදහසක් තියෙනවා.

 

ඔයාට වේදිකාවේ රංගනයේ යෙදෙන්න හැකියාවක් තියෙනවා කියලා හිතනවාද?

හැකියාවක් කියන දේට වඩා ගොඩක් දේවල් හදාරන්න ඕනේ. ඒ පිළිබඳව හදාරලා මාව සුදුසුයි කියලා හිතිලා කවුරු හරි දෙයකට කතා කලොත්, මටත් ඒදේ සුදුසුයි නම් අනිවාර්යෙන්ම ඒ සඳහා දායක වෙනවා.

 

ඔයා විශ්වාස කරනවාද දෙයක් හදාරලා ඉදිරියට යන්න හැකියාවක් ඔයාට තියෙනවාද කියලා?

ඔව් අනිවාර්යෙන්ම. ඕනෑම දෙයක් හදාරලා තමයි හැමදෙනාම ඉදිරියට යන්නේ. ඉතිං ඒ හැකියාව මටත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චානුක කුලසේකර

 

2016-05-10-ent-08
2016-05-10-ent-09
2016-05-10-ent-10
2016-05-10-ent-11
2016-05-10-ent-12
2016-05-10-ent-13
2016-05-10-ent-14
2016-05-10-ent-16
2016-05-10-ent-17
 



අදහස් (0)

බොහෝ දෙනා හඳුනන 'අනගි' නොහොත් 'තනාශා'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site