පොදු යහපත උදෙසා සියලුම ක්ෂේත්‍රයන්හිදී රුසියාව සමග ඇති සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ ඇති වැදගත්කම පසුගියදා බහරේන අගමැතිවරයා විසින් අවධාරණය කළේය.
ශාන්ත පීටර්ස්බර්ග් ආණ්ඩුකාර ගියෝර්ජි පොල්ටාව්චෙන්කෝ ප්‍රමුඛ නියෝජිත පිරිසක් ගුදායිබියා මන්දිරයේදී පිළිගනිමින් අග්‍රාමාත්‍ය කාලීෆා බින් සල්මාන් අල් කාලීෆා කුමරු මේ බව පැවැසීය.
රටවල් දෙක අතර ඇති ශක්තිමත් සබඳතාවය ගැන අවධාරණය කළ අගමැතිවරයා කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් දෙරට අතර ඇති ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳවද අවධාරණය කළේය.
කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාවට ඉටු කළ හැකි කාර්ය භාරය පිළිබඳවද ඔහු පෙන්වා දුන්නේය.
අනාගතයේදී රටවල් දෙක අතර ඇති කරගැනීමට නියමිත ආයෝජන අවස්ථා සහ ආර්ථික සහයෝගීතාවය පිළිබඳවද කතා කළ අගමැතිවරයා එම තත්ත්වයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට ව්‍යාපාරිකයන් වගබලා ගත යුතු බවද පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බහරේන/රුසියානු සබඳතා ගැන අගමැතිවරයාගේ- ප්‍රසාදය