IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බහරේනය කලාපයටම ආදර්ශයක්

ආර්ථිකය විවිධාංගීකරණයේදී අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය නිසා බහරේනය කලාපයේ අනෙක් රටවලට ආදර්ශයක් වන බව විශේෂඥයෝ පෙන්වා දෙති.


පසුගියදා පැවැති කලාපීය ආයෝජන සම්මන්ත්‍රණයට සහභාගි වූ ආර්ථික විශේෂඥයෝ බහරේනයේ සාර්ථකත්වයෙන් කලාපයට ලැබිය ප්‍රතිලාභයන් ගැද සිය අවධානය යොමු කළහ.


මෙහිදී වැඩි දුරටත් කතා කළ සවුදි බේසික් ඉන්ඩස්ටී්‍රස් කෝපරේෂන් (සැබික්) ආයතනයේ ප්‍රධාන විධායක සහ උප සභාපති යුසුෆ් අබ්දුල්ලාහ් අලි බෙන්යාන් ජීසීසී කලාපයේ ආර්ථිකය ඛනිජ තෙල්වලින් වෙනතකට හැරවීමේ ඇති වැදගත්කමද පෙන්වා දුන්නේය. 


“තම ආර්ථිකයන් සම්පූර්ණයෙන්ම තෙල් සම්පත් මත රඳ පවත්වා ගන්නේ නැතිව සේවා අංශය වෙතත් මාරු කරගත යුතුයි” යැයි අල් බෙන්යාන් පවසයි.


“ඩුබායි සහ බහරේන් වැනි කලාපයේ රටවල් සිදුකළ සාර්ථක අත්හදා බැලීම් හරහා මුළු කලාපයටම ප්‍රතිලාභ අත්පත් කරගැනීමේ හැකියාවක් තිබෙනවා”
ඔහු මේ බව පැවැසුවේ පසුගියදා බහරේනයේ රිට්ස් කාල්ටන් හෝටලයේදී පැවැති මැදපෙරදිග ආයෝජන සම්මන්ත්‍රණය අමතමිනි.


“දේශසීමාවලින් ඔබ්බට: ගෝලීය ආර්ථකය තුළ මීනා හි භූමිකාව” යන මැයෙන් පැවැති මෙම සම්මන්ත්‍රණයට බහරේන මහ බැංකුව අනුග්‍රහය දක්වා තිබුණු අතර ඊට ජ්‍යෙෂ්ඨ ආයෝජන වෘත්තීයවේදීන් 300 කට වැඩි පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

බහරේනය කලාපයටම ආදර්ශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site