IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බස් සංගම් ඒකාබද්ධ වැඩ වර්ජනයකට සැරසෙයි

(නිමල කොඩිතුවක්කු)

සියලුම බස් සංගම් ඒකාබද්ධව ලබන 18 වනදා  මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩව වර්ජනයක නිරත වීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කොළඹදී අද(06) පැවසීය.

බස් කර්මාන්තය මුහුණ දෙන ගැටළුවලට රජයෙන් විසදුමක් නොලැබීම හේතුවෙන් සියලුම බස් රථ සංගම් ඒකාබද්ධව මෙම තීන්දුව ගත් බවද ඔහු සඳහන් කළේය.බස් රථ සංගම් නියෝජිතයන්  නාරාහේන්පිටදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රජය ප්‍රකාශ කළ පරිදි බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් සටහන්පත් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර  ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කර ඇති බව ද ප්‍රියන්ජිත් මහතා එහිදී පැවසීය.

ලබන 15 වනදා වන විට මෙම ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් 18 වන දා සිට අඛණ්ඩව බස් රථ වර්ජනයක නිරතවන බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර සහ දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (7)

බස් සංගම් ඒකාබද්ධ වැඩ වර්ජනයකට සැරසෙයි

දිමුත් Wednesday, 06 January 2021 11:30 AM

දැන් අපි වැඩියෙන් බස් ගාස්තු ගෙවනවා මදිද?

:       3       14

විජිත් Wednesday, 06 January 2021 12:11 PM

පැය 12 ක් තුලදී මේ ප්‍රයිවට් මාෆියාව තහනම් කරලා බස් ඔක්කොම ජනසතුකරලා ලංගමට ගන්න බැරි ඇයි..? හේතුව අද බස් අයිතිකාරයින් වැඩිහරියක් හොර දේශපාලුවන් සහ ඔවුන්ගේ බත් බැලයන් නිසයි.

:       3       25

diyanathWednesday, 06 January 2021 04:28 PM

ස්ට්‍රයික් කරන් නැතුව, යුද්ධ කරා නම් 'ස' ට නවත්තන්න පුළුවන්...

:       5       18

Raveendra Wednesday, 06 January 2021 01:13 PM

අනේ ඉතින් පාඩුම නම් ඇයි "අතින් කාලා හරක් බලන්නේ" ඔන්න ඔය පතෝල මැසි ටික පරණ යකඩවලට විකුණලා දාලා පිනක් දහමක් කරගෙන ඔන්න ඔහේ ඉන්නකෝ...

:       5       24

Ajith Wednesday, 06 January 2021 01:28 PM

අපිට බස් කර්මාන්තය කරගෙන යාමට බැහැ. අපිට තව 50% ගාස්තු වැඩිවීමක් ඕනේ...

:       4       7

Ayodya Thursday, 07 January 2021 02:59 AM

බස්වල යන්නේ අසරණ මිනිස්සු ස්ට්‍රයික් කරන්න මොකද බොරු ස්ට්‍රයික් ඔය...

:       0       0

wicky Thursday, 07 January 2021 04:21 AM

ගාණත් වැඩියෙන් අරගෙන පතෝල ගෙනියනවා. තව මොකටද සහන? ඕන වර්ජනයක් කරගන්න කියන්න. බස් අඩු එකෙන් සෑහෙන්න ට්‍රැෆික් අඩුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site