IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට

( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට  වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි පරීක්ෂා කිරීමට හිස ඇතුලට දැමූ   බස් රථ රියදුරෙකු ගේ  ගෙල රෝදයට සිරවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය  පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වලස්මුල්ල හොරේවෙල , වත්ත හේන්ගොඩ , මැදගොඩවත්ත පදිංචි රන්හොටිගෙදර අනුර නාමල් රන්දෙනිය නමැති (48) හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කියයි.
සංචාරකයින් ප්‍රවාහනය කරන අති සුඛෝපභෝගී බස් රථ ගාල්කර තිබෙන පෞද්ගලික රථ ගාලක බස් රථයක වැකුම් නිමවීමෙන්  දකුණු පස රෝදයට බස් රථය පහත් වී තිබෙනු  ඒ බව දුටු බස් රථ රියදුරෙකු ආධාරකයකින් බස් රථය උස්සා වැකුම් පුරවා එම ආධාරකය ඉවත්කොට පසුව හිස ඇතුලට දමා නිවැරදිව වැකුම් පිරවී ඇත්දැයි  පරීක්ෂා කිරීමට යාමේදී එක්වරම යළි බස් රථය පහත් වී ඇති අතර එම අවස්ථාවේදී මෙම පුද්ගලයාගේ ගෙල සිරවීමෙන් අනතුරක් සිදුව ඇති බව පැවසේ.

 

 



අදහස් (0)

බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site