IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බස්නාහිර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

(අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාලව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකයට සියයට පනහක පමණ දායකත්වයක් ලබාදෙන බස්නාහිර පළාත විධිමත් නගර සංවර්ධන සැලැස්මක් ඔස්සේ  පුළුල් සංවර්ධනයකට ලක් කළයුතු බව අවධාණය කළ ජනාධිපතිවරයා අවිධිමත්ව සිදු කෙරෙන නගර සංවර්ධනය පසුව පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නැගෙනහිර පළාත සඳහා වු සංවර්ධන සැලැස්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (3)

බස්නාහිර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

දාස Monday, 15 May 2023 11:33 AM

මෙයා අවුරුදු 45 ක් ඔය පාර්ලිමේන්තුවෙ , අගමැති 3 සැරයක් , ඇමති වෙලත් මේ යෝධය කී සැරයක් ඉන්න ඇද්ද, මෙයාගෙ දක්ෂකම කියනවන් අන්තිම මැතිවරනයෙ මෙයයි මෙයාගෙ ගොලයොයි ඔක්කොම ගෙදර, මෙරට පරනම පක්ෂයම නැති කරගෙන තමයි මිනිහ පාර්ලිමේනිතුවෙන් චුත උනේ. මේ අපේ රටේ තියෙන ව්‍යවසථාව කියන ඔය ගුබ්බැයමෙ ඉන්න හොරු රැල හදාගත්ත ජනතාවට කිසිම වැඩක් නැති කොල ගොඩට පින්සිද්ද වෙන්න මේ තක්කඩිය මෙරට මුල්පුටුවට ගේන්නෙ නීලකාස හොරු රැලක් . මේ මනුස්සයට පුලුවන් රට කන්න විතරයි අවුරුදු 45 මේ යෝධය කලේ ඒකයි, මෙයාගෙ එක වික්‍රමයක් තමයි දාර හොරෙකුට මහා බැංකුව බාර දීම. මෙයා රට හදයි කියල හිතනව නම් ඒ හිතන උන්දැ දොස්තර මහත්තයෙක් ලගට ගිහිල් මොලේ පරික්ෂා කරගත්ත නම් හොදයි.

:       9       10

Sam Monday, 15 May 2023 12:20 PM

කතාව ඇත්ත, ප්‍රශ්නය තියෙන්නේ Surbana Jurong... අන්තර්ජාලයේ තිබෙන පරිදි මේක සිංගප්පූරු සමාගම, ඔවුන්ව කන්සල්ට් කරලා තව ඩොලර් ගාණක් පුදයි...

:       6       6

ravin Monday, 15 May 2023 03:40 PM

අර කප්පම් කාරයත් ඔය කමිටුවට දානවාඩ? වැඩෙ එතකොට යසට හිටිවි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 869 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1287 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site