IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බෝවතැන්න හිස් කරයි

(කාංචන කුමාර ආරියදාස සහ කුෂාන් ජයවර්ධන)

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.

සිදී යන බෝවතැන්න ජලාශයේ මසුන් මැරීමට බහින ජනතාවද අනාරක්ෂිත රොන්මඩ නිසාවෙන් ජිවිත අවධානයක් ඇති බව ද ඉංජිනේරුවරයා දැනුම් දෙයි.

හිස් කරමින් ජලය අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට යොමු කොට තිබෙන බවද කඩිනමින් සොරොව්වේ නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බව බුද්ධික මහතා පෙන්වා දුන්නේය

ඉබ්බන්කටුව ජලාශය, කණ්ඩලම ජලාශය, මෝරගහකන්ද ජලාශය, කලා වැව සහ බළලු වැව ආදි වැව් රැසක් පෝෂණය වන විදුලිය උත්පාදනය කරන ජලාශයක් වන්නේ බෝවතැන්න ජලාශයයි .

ජලය මේ ආකාරයෙන් ඉවත් කිරීමත් සමඟ බෝතැන්න ජලාශයේ රොන් මඩ විශාල වශයෙන් තැන්පත්ව තිබෙන බවත් ඇතැම් ස්ථානවල අඩි දහය පහළව සහ හතළිහ තරමට රොන් රොන්මඩ වලින් පිරී ඇති නිසා මසුන්මැරීම සහ ජලයට බැසීමෙන් අනතුරුදායක ජීවිත අවධානමක් ගෙන දෙන තත්වයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

එහෙත් මේ දිනවල් ජලය සීග්‍රයෙන් අඩුවන බව දැන ප්‍රදේශවාසීන් වැඩි වශයෙන් ම අනාරක්ෂිතව ජලයට බැස මසුන් මැරීම සහ කැලෑවලට ගිනි තැබීම කටයුතුකම්වල නිරතවන බවට නිරීක්‍ෂණය වන වන්නේ යැයි ඒ මහතා සඳහන් කළේය

ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසිය සහ යුද හමුදාවේ  සහාය ලබා ගැනීමට සිදුව තිබෙන බව  බුද්ධික නවරත්න ජලාශ භාර ඉංජිනේරුවරයා පවසා සිටියේය.

 

 



අදහස් (0)

බෝවතැන්න හිස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site