IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බාල බෙහෙත් සිද්ධියට තවත් හතරක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ,ගණකාධිකාරි ඇතුලු එහි සිව්දෙනකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක (1) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල විශේෂ කණ්ඩායමක් අමාත්‍යාංශය වෙත ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සිව් දෙනාගෙන් සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන අද පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඇතුලු 10 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ඇත.

විධායක අධ්‍යක්ෂවරයාගෙන් පමණක් අවස්ථා කිහිපයකදීම සිද්ධියට අදාලව වරින්වර ප්‍රකාශ සටහන් කරගත් බවද එම ආරංචි මාර්ග පවසයි.

 

 



අදහස් (7)

බාල බෙහෙත් සිද්ධියට තවත් හතරක් අත්අඩංගුවට

Nimal Monday, 20 November 2023 03:25 PM

මොවුන්ගේ හිටපු ඇමැතියත් එක්කම මොවුන්ව උල තියන්න ඕනේ...!

:       0       31

JASON Monday, 20 November 2023 03:36 PM

හොඳම දඬුවම මේ අයට හා පවුල්වලටම මේ හොර බෙහෙත්ම දෙන්න ඕනේ... ඔවුන් අසනීප වුණු විට..!

:       0       23

wije Monday, 20 November 2023 03:48 PM

හිටපු ඇමැති හොරු... ඉක්මණින් අත්අඩංගුවට ගන්න.

:       0       20

ravin Monday, 20 November 2023 03:49 PM

මෙන්න නිලධාරීන්ට තවත් අවවාදයක්... අවංකව සේවය කරන්න නැතිනම් හැමෝටම කූඩුවේ තමයි පරිප්පු කන්න වෙන්නේ...

:       0       19

Kazi Shajahan Monday, 20 November 2023 04:16 PM

රනිල් තමයි කෙහෙළියගෙන් ස්ටේට්මන්ට් 1 ගන්න දෙන්නේ නැත්තේ CID එකට, CID එක අසරණ වෙලා ඉන්නේ...!

:       3       19

CIDMonday, 20 November 2023 07:09 PM

ශාජහාන් ඔයාට CID එකෙන්ද කිව්වේ...?

:       0       0

අරවින්ද මොනරවිල Monday, 20 November 2023 04:39 PM

මේකට සම්බන්ධ කැබිනට් එකේ ඉන්න මහ මොලකාරයාව අත්අඩංගුවට ගන්නේ කවද්ද කියලා CID එකේ මහත්වරුන්ට කියන්න පුළුවන්ද?

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site