IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බොලියාවේ හමුදා කඳවුරක් අවි ගත් කණ්ඩායමක් යටතට

(විමුක්ති එස් රුද්‍රිගු)

සන්නද්ධ කණ්ඩායමක් මධ්‍යම බොලිවියාවේ හමුදා කඳවුරක් යටත්කර ගනිමින් හමුදා සාමාජිකයන් 200 දෙනකු ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි බොලිවියානු හමුදාව ප්‍රකාශ කළේය.

මීට පෙර මෙම සන්නද්ධ කණ්ඩායම බොලිවියාවේ ක්‍රියාත්මකවී නොමැති බවත් හමුදා කඳවුරේ පාලනය අතට ගැනීමෙන් පසුව එහි තිබූ ගිනි අවි හා පතොරම් පැහැර ගෙන ඇති බවත් හමුදා සාමාජිකයන් 200 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් බොලිවියානු හමුදාව පැවැසුවේය.

බොලිවියානු ජනාධිපති ලුවිස් අර්සේ චෝදනා කර ඇත්තේ මෙම සන්නද්ධ කණ්ඩායම හිටපු ජනාධිපති එවෝ මොරාලෙස්ට සම්බන්ධ එකක් බවයි. නමුත් එම චෝදනාව ඔප්පු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ජනාධිපතිවරයා ඉදිරිපත් කර නැත.

හමුදා කඳවුරක් යටත් කර ගැනීම යනු දේශද්‍රෝහී ක්‍රියාවක් බැවින් වහාම සාමකාමීව හමුදා කඳවුරෙන් ඉවත්වන ලෙස බොලිවියානු හමුදාව සන්නද්ධ කණ්ඩායමට දැනුම් දීමක්ද සිදුකර තිබිණි.

ලබන වසරේ බොලිවියාවේ පැවැත්වෙන මහමැතිවරණය හේතුවෙන් හිටපු ජනපතිවරයා සහ වත්මන් ජනපතිවරයා අතර ඇතිව තිබෙන උණුසුම් අර්බුදකාරී තත්වයේ නවතම ප්‍රවණතාව ලෙස දේශපාලන විශ්ලේෂකයෝ මෙම සිදුවීම හඳුන්වති.

පසුගිය සති වලදී හිටපු ජනපති මොරාලෙස්ගේ ආධාරකරුවන් බොලිවියාවේ ප්‍රධාන මාර්ගවල මාර්ග බාධක දමමින් පොදු දේපළ වලට හානි කරමින් කලහකාරී ලෙස හැසිරුණු අවස්ථාද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

 



අදහස් (0)

බොලියාවේ හමුදා කඳවුරක් අවි ගත් කණ්ඩායමක් යටතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site