IMG-LOGO

බලපත් නැති ඒජන්සිකරුවෙක් විදෙස් මුදල් එක්ක පොලිස් දැලේ

(ඉන්දිකා  රාමනායක)

මහබැංකු  නීති උල්ලංඝනය කරමින් බලපත්‍ර නොමැතිව පිටකොටුවේ සංචාරක ඒජන්සියක් පවත්වා ගෙන  යමින් සිටි පුද්ගලයකු  සතුව තිබු රුපියල් ලක්ෂ 20 ට අධික  මුදලක් අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පිටකොටුව ප්‍රදේශයේ උණ්ඩියල් ක්‍රමයට  මුදල් ජාවාරම්කරන පුද්ගලයයන් සොයා අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාස සහ   මහබැංකුව නිලධාරීන්  එක්ව සිදුකළ  විශේෂ මෙහෙයුමකදී මෙම මුදල් නිලධාරීන් බාරයට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මොහු   සතුව ඇමැරිකානු ඩොලර් 2400 ක්,  ඔස්ට්්‍රලියානු ඩොලර් 900 ක්, ස්ටර්ලින් පවුම් 1000, ජපන් යෙන් 40,000 ක්,  යුරෝ 200 ක් වශයෙන් මෙම මුදල්  තිබු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මහබැංකු  විමර්ශන නිලධාරීන්  අදාල පුද්ගලාය එරෙහිව විමර්ශන සිදුකරන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

බලපත් නැති ඒජන්සිකරුවෙක් විදෙස් මුදල් එක්ක පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 487 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 651 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 268 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site