IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බේරුවල සිද්ධියේ තවත් සිව් දෙනෙක් රිමාන්ඩ්

නිමන්ති රණසිංහ

රුපියල් මිලියන 277 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අද (18) අධිකරණයට බාරවිය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම සැකකරුවන් ලබන 25 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය. ඔවුන් මෙම සිද්ධියේ පස්වැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් ලෙස නම් කරනු ලැබිණි.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ජගත් රත්නායක, ජගත් ප්‍රියදර්ශන, සුරේන්ද්‍ර ලක්ෂාන් සිල්වා සහ මෛත්‍රීපාල මද්දුමගේ යන සැකකරුවන්ය.

මෙම සැකකරුවන් අද (18) නීතිඥයකු මගින් අධිකරණයට බාරවිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

 



අදහස් (0)

බේරුවල සිද්ධියේ තවත් සිව් දෙනෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site