
(තුසිත කුමාර ද සිල්වා)
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ විමර්ශන ආරම්භ කර වරාය කළමනාකාරවරයා ඇතුළු සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ මානව සම්පත් කළමනාකාර සිසිල ගුණතිලක මහතා අද(3) පැවැසීය.
බේරුවල ධීවර වරායේ හිටපු කළමනාකරු, මුදල් අයකැමිවරයකු, ඉන්ධනහල් භාරකරු, ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් දෙදෙනකු, කාර්යාල කාර්ය සහායක ඇතුළු හත්දෙනකු එම සිද්ධියට චෝදනා ලබා සිටින බව බේරුවල ධීවර වරායේ ප්‍රකාශකයෙක් පැවැසීය.
නව රජය පත්වීමත් සමග එම ධීවර වරාය වෙත පැමිණි විගණනන කණ්ඩායමක් කළ විගණනයයේදී එම මුල්‍ය වංචාව පිළිබඳව තොරතුරු හෙළිවී ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බේරුවල වරායේ කෝටියක වංචාවකට 3කගේ වැඩ තහනම්