IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පසුගිය 15 වෙනි දින බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 97.3 දක්වා පහත වැටී තිබුණත් අද (21) නැවතත් ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 111 දක්වා ඉහළ ගොස් ඇත.

රුසියානු බලශක්ති නිෂ්පාදනවලට බටහිර රටවල් පනවන සම්බාධක සහ යෙමනයේ හවුති කැරලිකරුවන් සෞදි අරාබියේ බොරතෙල් අංගනයකට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මෙසේ නැවත බොරතෙල් මිල ඉහල යන්නට ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

ශ්‍රී ලංකා වේලාවෙන් 12.55ට බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 111.2 වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 108.3 වූහ.

(034)



අදහස් (0)

බොරතෙල් මිල යළි ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 315 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site