(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
බඹර ප්‍රහාරයක් හේතුවෙන් වාරියපොල පාසලක දරුවන් 39 දෙනෙකු වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී බන්දුල සේනාධීර මහතා අද (14) දහවල් තහවුරු කළේය.
රෝහල්ගත කළ දරුවන් කිසිවෙකුත් අසාධ්‍ය තත්වයේ නොවන බවද වෛද්‍ය නිලධාරි වරයා වැඩිදුරටත් පැවසීය. වයස අවුරුදු 12 ට අඩු දරුවන් පිරිසක් මෙසේ ප්‍රහාරයට ලක්ව තිබිණ.
පාසල් පරිශ්‍රයේ විශාල ගසක් මුදුනේ මෙම බඹර කූඩුව සාදා තිබූ අතර විදුහල්පතිවරයා විසින් මීට ප්‍රථම ඒ බව නිකවැරටිය වනජීවී කාරයාලයට දන්වා තිබූ බව එම කාර්‍යාලය කියයි.
කෙසේ වෙතත් බොහෝ උසකින් මෙම බඹර කූඩුව පිහිටා තිබූ බැවින් එය කඩා ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව සතු සම්පත් ප්‍රමාණවත් නොවන හෙයින් ඒ සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් විදුහල් බලධාරීන් දැනුවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බඹරු ඇන සිසුන් 39 ක් රෝහලේ