
(ෂේන් සෙනෙවිරත්න)
අධික බීමතින් මෝටර් රථයක නැගී අතේ ගෙනයන ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් මහ මඟ යන ජනතාවට උසුළු විසුළු කරමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි තරුණයන් දෙදෙනකු සහ එම මෝටර් රථය පැදවු රියදුරු මහනුවර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
එම මෝටර් රථය ඒ අයුරින් මහනුවර මූලස්ථාන පොලිසිය ඉදිරිපිටින් ගමන් කරමින් සිටියදී මහනුවර රථ වාහන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කෝට්ටේගොඩ මහතා එම රථය සහ එහි ගමන් කළ තරුණයන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා ඉදිරියට පැමිණවීමෙන් පසු එම රථයේ රියදුරු හැර අනෙකුත් තරුණයන් දෙදෙනා අධික බීමතින් සිටින බවට වෛද්‍ය වාර්තා ලබා දී තිබේ .
එම මෝටර් රථය ද නවීකරණය කොට ඇති බැවින් එහි නවීකරණය කළ කොටස් සහ වාහනයේ නීතියානුකූල බව පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දේවපාර්තමේන්තුවේ පරීක්ෂකවරයකු හමුවට එම රථය ඉදිරිපත් කිරීමටද පොලිසිය පියවර ගෙන ඇති අතර මෙතෙක් එහි වාර්තා ලැබී නොමැති බව පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බීමතින් පිස්සු කෙළිය දෙකක් පොලිස් බාරයට
Player Thursday, 17 October 2024 10:20 PM
ඒ පොලිස්කාරයා ශිෂ්ට සම්පන්න කෙනෙක් නෙවෙයි. මහනුවර අවට රියදුරන්ගෙන් විමසන්න.
රුවන්ත Friday, 18 October 2024 06:32 AM
ආගමික ස්ථානවල අධික ලවුඩ්ස්පීකර් - බෆල් ශබ්දය නිසා අවට පදිංචි මහජනතාව බොහෝ පීඩා විඳිනවා. කරුණාකර මීට නීතිය ක්‍රියාත්මක කරන්න.