IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බාප්පා - පුතා කළ වැඩ ගොඩක් එළියට

(තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)

ගම්පහ ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බව කියන දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ඥාතී පුතකු සහ බාප්පා යැයි කියන දෙදෙනා විසින් දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී ස්ත්‍රී දූෂණ , ඝාතන , මංකොල්ලකෑම් ඇතුලු අපරාධ 14 ක් සිදු කොට ඇති බවට තොරතුරු අනාවරණයවීම මත ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

මල්වතුහිරිපිටිය පොලීසිය මගින් පසුගියදා මොවුන් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා අත් අඩංගුවට ගනු ලැබූ බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා අද පෙරවරුවේ මල්වතුහිරිපිටිය පොලීසියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළ අතර ජනතාව භීතියට පත් කරමින් මෙවන් අපරාධ සිදු කළ මොවුන් කෙටි කලක් තුල අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාට , සහකාර පොලිස් අධිකාරී උපාලි කාරියවසම් මහතාට , මල්වතුහිරිපිටිය සහ වැලිවේරිය පොලිස්ථානාධිපතිවරුන් ඇතුලු නිලධාරීන් වෙත ස්තුතිය පුද කරන බවද කීය.

දැනට අධිකරණය මගින් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් වැඩි දුර ප්‍රශ්න කෙරෙන මොවුන් , අවුරුදු 21 සහ 47 හැවිරිදි සැකකරුවන් ඉකුත් 15 වෙනි දින අත් අඩංගුවට ගෙන ඇත්තේ මුහුණු ආවරණය කොට නින්ජා ආකාරයේ ඇදුමින් සැරසී තවත් අපරාධයක් සදහා යමින් සිටියදීය. මෙලෙස අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පිහි , උල් ආයුධ , ජීව අත් බෝම්බයක් සහ නිවාසවල ජනෙල් ගැලවීමට අවශ්‍ය උපකරණ ආදියද අයිස් මත් ද්‍රව්‍යද තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

අනතුරුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී රන් භාණ්ඩ ඇතුලු සොරාගත් භාණ්ඩ බොහෝමයක් සොයා ගෙන ඇති බවත් සොරා ගන්නා රන් භාණ්ඩ නියම රත්‍රන්දැයි පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය පවා තිබී ඇති බව ප්‍රකාශ කළ තව තල්දූව මහතා මොවුන් කොල්ලකෑම් සහ අපරාධ කිරීම පිනිස තනි වශයෙන් ඇති විශාල වතු සහිත ගෙවල් කලින් හදුනා ගනිමින් එම වතුවලට සවස් කාලයේ ඇතුලුවී සිට අපරාධ සිදු කරන බවත් නිවාසවල ආරක්ෂිත කැමරා ආදිය තිබුණහොත් ඒවා සහ අංගෝපාංග රැගෙන යන බවත් අනාවරණය වී ඇති බවත් පැවසීය.

ස්ථිර පදිංචියක් නොමැති මෙම සැකකරුවන් දෙදෙනා  මල්වතුහිරිපිටිය, වැලිවේරිය , දොම්පෙ , ඇහැලියගොඩ සහ කිරිඇල්ල යන ප්‍රදේශයන්හිදී කොල්ලකෑම් , ස්ත්‍රී දූෂණ සහ ඝාතන සිදු කොට ඇති බව ප්‍රකාශ වී ඇති අතර කිරිඇල්ල ප්‍රදේශයේදී 74 හැවිරිදි කාන්තාවක් දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියටද මොවුන් සම්බන්ධ බවට ප්‍රකාශවීම මත ඒ ඔස්සේද පරීක්ෂණ සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

 

 



අදහස් (6)

බාප්පා - පුතා කළ වැඩ ගොඩක් එළියට

පිටිගල මිලානෝ Friday, 18 October 2024 01:57 PM

බාප්පයි, පුතයි හොරකමේ යනවා කිව්වාම මට කපුටෙකුත් මතක් වුණා.

:       9       97

රට වැසියා Friday, 18 October 2024 02:50 PM

මේ තිරිසන්නුන්ව හිරේ තියාගෙන සලකන කොට, මුංව නඩත්තු කරන්න වෙන්නෙත් මේ තිරිසන්නු දුෂණය කරපු කාන්තාවන්ගේ පවුල් වලටමයි.

:       0       59

Neel Friday, 18 October 2024 03:48 PM

දියුණු රටවල වගේ දැඩි දඩුවම් දෙන්න ඕන.

:       0       36

HanifaSaturday, 19 October 2024 05:41 AM

මෙහෙම අයට නම් සෞදියේ වගේ දඬුවම් දෙනවා නම් තමයි හොඳ. එහෙම එකක් කළොත් ටික කලක් රටේ අපරාධ අඩුවෙන්න පුළුවන්...

:       0       5

උකුස්සා Saturday, 19 October 2024 02:27 AM

තව සඟවපු අවි පෙන්නන්න දෙන්න එක්ක පොඩි රවුමක් එක්ක යන්න වෙලාව හරි.

:       0       0

nimal Putha Saturday, 19 October 2024 05:18 AM

මේ දෙන්නව අවි පෙන්නන්න එළියට පොඩි රවුමක් ගෙනියන්න බැරිද? පොඩ්ඩක් හුළං වදින්නත් එක්ක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site