IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බන්ධනාගාර රෝහලේ සිටි ප්‍රභූවරුන් නිලධාරීන්ගේ විවේකාගාරයට

 

 
(ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාර රෝහල ‘කොරෝනා’ ආසාදිත රැඳවියන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වෙන් කිරීමත් සමඟ එහි අංක 3 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රභූවරුන් යැයි කියන පිරිසකට පමණක් නිලධාරීන්ගේ විවේකාගාරයේ පහසුකම් සපයා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර් ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනාත්, සිරදඬුවම් විදින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු කීපදෙනෙක් මෙම පිරිස අතර සිටින බව බන්ධනාගාර ආරංචි මාර් ග සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 200 කට ආසන්න පිරිසක් මහර බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබේ.

එහෙත් පිරිසක් පමණක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටීම පිළිබඳව සෙසු රැඳවියන්ගේ සහ සෞඛ්‍ය කාර් ය මණ්ඩලයේ දැඩි කථා බහට ලක්ව තිබේ. මෙම පියවර ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙය සිදුවී ඇති බවට ද ආරංචි පැතිර යයි.

 



අදහස් (7)

බන්ධනාගාර රෝහලේ සිටි ප්‍රභූවරුන් නිලධාරීන්ගේ විවේකාගාරයට

දිමුත් Tuesday, 10 November 2020 09:13 AM

එක රටක්! එක නීතියක්!

:       0       0

Faris Tuesday, 10 November 2020 11:38 AM

මොන ප්‍රභූවරුන්ද? හිරේ ඉන්න එවුන්...

:       0       0

Demuni Uduwara Tuesday, 10 November 2020 12:45 PM

එක් නීතියක්, එක රටක්!

:       0       0

Demuni Uduwara Tuesday, 10 November 2020 12:54 PM

බන්ධනාගාරවල වංශවතුන් සිටීද?

:       0       0

Lankaputha Tuesday, 10 November 2020 12:54 PM

බන්ධනාගාරයේදී සියල්ල එක හා සමාන නොවේද? රජය විශාල මුදලක් වියදම් කර මරණීය දණ්ඩනය නියම වූ වැරදිකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දී බදු ගෙවන අයට මරණයට පත් වන්නේ කෙසේද?

:       0       0

ranjith Tuesday, 10 November 2020 03:23 PM

මිනීමැරුවත් ප්‍රභූන් නම් කමක් නැත්ද??? මේ නීතියද, කිරියාත්මක කරන්නෙ කවුද ?

:       0       6

GSKBL Tuesday, 10 November 2020 07:55 PM

මේක වෙන්නම බැරි දෙයක්. අපේ රටේ හැමෝටම තියෙන්නේ "එකම නීතිය".

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site