IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්

(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8) පස්වරුවේ පතිත වූ  ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක්  අවහිර වී බදුලු ඔයේ ජල මට්ටමද ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් සුමනතිස්සගම කයිලගොඩ ,බදුලුපිටිය හංවැල්ල දෙයියන්නේවෙල ප්‍රදේශවල  නිවාස රැසක්  ජලයෙන් යටවූ බව ආපදා  කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

එක්වරම අද (8) පස්වරු 3.00 ට පමණ පතිත වූ මෙම ධාරානිපාත වර්ෂාවත් සමඟ හාලිඇල කැටවල මාර්ගය විශාල ගසක් කඩා වැටී අවහිර වී ඇති අතර, බදුල්ල ස්ප්‍රීංවැලි මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයේ නාය යාමක් නිසාවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.

බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ ඇටම්පිටිය 100 කිලෝමීටර් කනුව අසල නාය යාම සක්‍රීය වෙමින් මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටීම නිසාවෙන් වැලිමඩ  බදුල්ල මාර්ගයේ එම ස්ථානයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බවද හෙතෙම කීය.

වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ කෝට්ටගොඩ පාලම අසල නාය යාම නිසාවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට ඇති බවත්, බදුලු ඔයේ ජල මට්ටම ඉතා සීග්‍රයෙන් ඉහළ යාම නිසාවෙන් උඩුවර 5 කණුව පාලම ජලයෙන් යට වී ගමනා ගමනයට බාධා සිදුව ඇතැයි උදයකුමාර මහතා පැවසීය .

මේ අතර බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් බදුල්ල සුමනතිස්සගම, හංවැල්ල කයිලගොඩ බදුලුපිටිය දෙයියන්නේවෙල ප්‍රදේශවල නිවාස අඩි 3ක් පමණ  ජලයෙන් යටවී ඇති හෙයින් එම බදුලු ඔය ආසන්නයේ නිවාස හිමියන් කල්වේලා ඇතිව නිවාස වල බඩුබාහිරාදිය ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගියහ.

වර්ෂාව තව දුරටත් පවතින හෙයින්  බදුලු ඔය දෙපස  පදිංචිව සිටින   ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා දැනුම් දී සිටී.

පස්සර ලුණුගල මාර්ගයේ අමුනුවත්ත සිට පීස්සගම හංදිය දක්වා මාර්ගයේ ස්ථාන විස්සක පමණ සුලු නාය යාම් සිදු වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි. එම මාර්ගයේ රථ වාහන ධාවනය ඉතා පරිස්සමෙන් ආරක්ෂිත ව පදවන ලෙසට රියදුරන් ට උපදෙස් දෙයි .

වර්ෂාවත් සමඟ හාලිඇල නගරයේ තැපැල් හල පාර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනා ගමනය ට බාධා සිදුව තිබූ අතර , නගරයේ වෙළෙඳ සැල් රැසක් ජලයෙන් යටවී දේපළ රැසකට අලාභහානි විය.

මේ වනවිටත් වර්ෂාව බදුල්ල ප්‍රදේශ යට පතිත වෙමින් පවතින අතර මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් පතිත වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site